ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි සහන සැපයුම් ලැයිස්තුවක් රජය විසින් එළිදක්වපු donate.gov.lk වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. මේ හරහා මුදල් ආධාර බැර කළ හැකි ආකාරය ගැන අපි කලින් article එකකින් කිව්වා.
ඒ ගැන සම්පූර්ණ විස්තරය කියවන්න;
ඔබේ සහය ලබා දෙන්න රජයෙන් නවතම වෙබ් අඩවියක් – Online ගෙවන්නත් පහසුකම්: https://sannasa.com.au/archives/9853
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනක් අවතැන් වී ඇති අතර ආහාර, ජලය, ඖෂධ සහ නවාතැන් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හදිසි අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙනවා. මේ සඳහා ඉක්මනින් අවශ්‍ය ද්‍රව්‍ය රජයේ donate.gov.lk වෙබ් අඩවියේ Donate Equipment/Items යටතේ දක්වා තිබෙනවා. එම ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස රජය ත්‍යාගශීලී ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
රජයේ හදිසි සහන නිෂ්කාශන ක්‍රියාවලිය යටතේ සියලුම පරිත්‍යාග තීරුබදු සහ බදු වලින් නිදහස් කෙරෙනවා.
Duty-free clearance ලබා ගැනීම සඳහා, සහන තොග පහත සඳහන් consignee (භාණ්ඩ ලබාගන්නා) වෙත යොමු කළ යුතුයි.
Secretary to the Ministry of Defence,
Disaster Management Center (DMC),
Vidya Mawatha,
Colombo 07,
Sri Lanka
කඩිනම් clearance process එකක් සඳහා උදව් වෙන්න ප්‍රමාණය සහ ඇස්තමේන්තුගත වටිනාකම සහිත List එකක් ඇතුළත් කරන්න.
මීට අදාළ සම්පූර්ණ උපදෙස් donate.gov.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න පුළුවන්.
2025-12-01 දින නිකුත් කළ හදිසි සහන අවශ්‍යතා යටතේ ඇති භාණ්ඩ ලැයිස්තුව ඔබට https://donate.gov.lk/urgent-relief-supplies-needed-for-sri-lanka/ හරහා ලබා ගන්න/download කරගන්නත් පුළුවන්.
වැඩිදුර විස්තර දැනගන්න පහත නිලධාරීන් සම්බන්ධ කරගන්න;
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය:
Mr. Jagath Mahendra – Deputy Director
Mobile: +94773957905
E-mail: jagathm@dmc.gov.lk
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය:
Mr. Sugeeshwara Gunaratna
Mobile: +94702338591
E-mail: sugeeshwara.gunaratna@mfa.gov.lk
Ms. Anzul Jhan
Mobile: +94712499254
E-mail: anzul.jhan@mfa.gov.lk
ශ්‍රී ලංකා රේගුව:
E-mail: relief25@customs.gov.lk
Hotline: +94704752823
Image credit: http://donate.gov.lk