අතුරුදහන් වී වසර 10කට පසු නැවත සොයන ගුවන් යානය

  • Home
  • /
  • Blog
  • /
  • අතුරුදහන් වී වසර 10කට පසු නැවත සොයන ගුවන් යානය

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානයේ පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වී දශකයකට අධික කාලයක් ගතවී තිබෙනවා. එලෙස දශකයකට පෙර අතුරුදහන් වූ ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු දෙසැම්බර් 30 වන දින නැවත ආරම්භ කරන බව මැලේසියානු බලධාරීන් පවසනවා.

මාර්තු මාසයේ ආරම්භ කර දින 55 ක් පුරා සෙවීම් කටයුතු සිදු කළත් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ටික කලකට පසු එය අත්හිටුවනු ලැබුවා.

Boeing 777 ගුවන් යානයක් වන MH370, 2014 දී ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදහන් වූ අතර එය ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම සෙවීමට හේතු වුණා.

ගවේෂණ සමාගමක් වන Ocean Infinity “no find, no fee” යන විධිවිධානය යටතේ වත්මන් සෙවීමේ කටයුතු මෙහෙයවනවා. සුන්බුන් හමු වුවහොත් එයට ඩොලර් මිලියන 70 (පවුම් මිලියන 56) ලැබෙනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය Loke Siew Fook මීට පෙර පැවසුවා.

එහි පෙර උත්සාහයන් අතරට රටවල් 26 කින්, නැව් 60 ක් සහ ගුවන් යානා 50 ක් සම්බන්ධ වූ බහුජාතික සෙවීම් ඇතුළත් වෙනවා.

2014 මාර්තු 8 වන දින ගුවන් ගත වී පැයකටත් අඩු කාලයකදී Flight MH370, air traffic control එක සමඟ සම්බන්ධතා නැති වූ අතර රේඩාර් මගින් එය එහි මුල් පියාසැරි මාර්ගයෙන් බැහැර වී ඇති බව පෙන්නුම් කළා.

එය විශාලතම ගුවන් සේවා අභිරහස් වලින් එකක් ලෙස පවතින අතර එය යානයේ සිටි අයගේ පවුල්වලට තවමත් ගැටළුවක් වී තිබෙනවා. වසර ගණනාවක් පුරා ඔවුන් දරන අරගලය සැලකිල්ලට ගනිමින්, බොහෝ දෙනෙක් නව සෙවීමක් ඉල්ලා සිටියා.

මෙම සිදුවීම කුමන්ත්‍රණ න්‍යායන් රාශියකට ද හේතු වී ඇති අතර, ගුවන් නියමුවා හිතාමතාම යානය බිම හෙළා ඇති බවට හෝ එය පැහැරගෙන ඇති බවට අනුමාන කර තිබෙනවා.

2018 දී කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ යානයේ පාලනයන් හිතාමතාම එය මාර්ගයෙන් ඉවතට ගෙන යාමට හසුරුවා ඇති බවයි. නමුත් ඒ මගින් කිසිදු නිගමනයකට එළඹී නැහැ.

විමර්ශකයින් ඒ අවස්ථාවේ පැවසුවේ පිළිතුර තීරණාත්මක විය හැක්කේ සුන්බුන් හමු වුවහොත් පමණක් බවයි.

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025