ඔයා හිතන විදිහට වාහන සොරකම් කිරීමට වැඩිපුරම භාවිත කරන ක්‍රමය මොකක්ද? වාහන සොරුන් වැඩිපුරම සොරකම් කරන්නේ ඔබේම car key එක හෝ fob එක යොදාගෙන බව දන්නවද?
ඒ නිසාම වාහන සොරුන්ට ඔබේ වාහනයේ යතුර හෝ fob එක ලබා ගන්නට ඉඩක් තබන්න එපා. ඒවා ආරක්ෂිතව තබා ගැනීමට සෑම විටම වග බලා ගන්න.
ඒ සඳහා ඔබට කළ හැකි දේවල්;
- යතුරු කාටවත් නොපෙනෙන, ආරක්ෂිත ස්ථානයක තබන්න.
- Keyless theft අවදානම අඩු කිරීම සඳහා key fobs, දොරවල් සහ ජනෙල් වලින් ඈත් කර තබන්න. එය fob එකේ signal boost කිරීමට සහ යතුර නොමැතිව ඔයාගේ car එක unlock කිරීමට සොරුන්ට electronic devices භාවිතා කළ හැකි එක් ක්‍රමයක්.
- ඔයාගේ key fob එක සඳහා RFID (radio frequency identification) blocker pouch එකක් හෝ Faraday box එකක් භාවිතා කරන්න.
- කාටවත් නොපෙනෙන බව ඔයාට හිතුණා වුනත් car keys වගේම spares කිසි විටෙකත් වාහනයේ තබා යන්න එපා. spare keys සෑම විටම ආරක්ෂිත ස්ථානයක තබා ගන්න.
- කිසිම වේලාවක ඔයාගේ keys වල නම ලිපිනය වගේ දේවල් සටහන් කරන්න එපා. ඒ වෙනුවට ජංගම දුරකථන අංකයක් සටහන් කරන්න.