කලින් articles වලින් අපි කිව්වා job එකක් හොයාගන්න උදව් වෙන JSC ගැන සහ ඒ හරහා ආවරණය කරන විවිධ රැකියා ක්ෂේත්‍ර ගැන. (රැකියාවක් සොයාගන්න උදව් වෙන මොකක්ද මේ JSC? සම්පූර්ණ විස්තරය කියවන්න: https://www.facebook.com/share/p/1YYVFCL1z6/ )
එකේදී අපි කිව්වා විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙන පරිදි VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට පිහිටුවපු JSC 10ක් ගැන.
එහි 1වෙනි JSC එක වන ‘BuildSkills Australia’ ගැන කලින් articles වලදී කිව්වා. අද අපි බලමු ‘Future Skills Organisation’ ගැන.
Future Skills Organisation (FSO) කියන්නේ finance, technology සහ business සඳහා වන රැකියා සහ කුසලතා කවුන්සිලය හෙවත් Jobs and Skills Council (JSC) එක. වඩාත්ම වැදගත් මූල්‍ය, තාක්‍ෂණය සහ ව්‍යාපාර කුසලතා සඳහා ඇති ඉල්ලුම සපුරාලන පුහුණු විසඳුම් ලබාදීම වේගවත් කිරීම සඳහා FSO, industry එක වගේම education and training sector එක සමගත් හවුල්කාරිත්වයෙන් කටයුතු කරනවා.
මූල්‍ය, තාක්‍ෂණය සහ ව්‍යාපාර වර්ධනය සහ නවෝත්පාදනය සඳහා වෘත්තීය මාර්ග ලබා දීමටත් කටයුතු කරනවා. මෙය ඕනෑම කෙනෙකුට විවිධ අත්දැකීම් සහ කුසලතා ලබා ගැනීමට වගේම වෙනස්වන industry demands වලට අනුවර්තනය වීමට ඉඩ සලසනවා.
2030 වන විට digital technologies විශාල රැකියා ප්‍රමාණයකට බලපානවා. අනාගත රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වෙන්නේ විශ්වාසයෙන් යුතුව තාක්ෂණය සමග වැඩ කළ හැකි සේවකයින්. ඒ නිසාම ඔයා තෝරාගත් කර්මාන්තය කුමක් වුවත්, ඩිජිටල් කුසලතා වල ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.
මූල්‍ය, තාක්‍ෂණය සහ ව්‍යාපාරවල Employers ලා ඔයාගේ qualifications වලට වඩා ඔයා role එකට ගෙන එන skills කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කරනවා. තාක්ෂණික කුසලතා වැදගත් වුණත්, communication, teamwork, සහ problem solving වැනි employability skills ඇති well-rounded individuals ලාට Employersලා වැඩි කැමැත්තක් දක්වනවා. මෙම කුසලතා රැකියා වෙළඳපොළ පුරා සෑම මට්ටමකින්ම ඔබට අවස්ථා නිර්මාණය කර දෙනවා.
Traineeships සහ earn-while-you-learn pathways ඉතාම වැදගත්. ඒවා paid, real-world experience එකක් ලබා දෙන අතරම සේවා යෝජකයින් සොයන transferable skills වර්ධනය කරගැනීමට උපකාරී වෙනවා.
ඉතින් ඔයත් මේ finance, technology සහ business යන ක්‍ෂේත්‍රයක ඉදිරියට යාමට කැමතිනම් ඒ සඳහා Future Skills Organisation වෙතින් උදව් උපකාර හා උපදෙස් ලබාගන්න පුළුවන්.
Future Skills Organisation: www.futureskillsorganisation.com.au