කලින් articles වලින් අපි කතා කළා වාහන සොරකම් ගැන. වැඩියෙන්ම වාහන සොරකම් කරන ආකාර, ඒ දේවල් වලට හේතු සහ එම හේතු වළක්වා ගන්න විදි ගැනත් අපි කිව්වා.
අද අපි කතා කරන්නේ ඔයාගේ වාහනය සොරකම් කිරීමෙන් වළක්වා ගන්නා ආකාරය ගැනයි.
මෝටර් රථ සොරකම් වළක්වා ගන්නේ කෙසේද?
වැඩිපුරම වාහන සොරකම් සිදු වන්නේ මග තොටදී හෝ පිටස්තර ස්ථානයක කියා සිතුවාද?නමුත් ABS සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ මෝටර් රථ සොරකම්වලින් අඩකට වඩා සිදුවන්නේ නිවසේදී බවයි. නමුත් මේ සොරකම් වලින් වළක්වා ගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් තිබෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.
ඔබේ වාහනය Lock කරලා සුරක්ෂිත කරන්න
- නිවසේ හෝ ඔබේ ගරාජයේ පවා සෑම විටම වාහනයේ දොරවල් අගුළු දමා ජනෙල් වසා තබන්න.
- Alarms, on-board diagnostic (OBD) port locks, engine immobilisers, හෝ keyless digital blockers වැනි anti-theft systems ස්ථාපනය කරන්න.
- අතින් විවෘත කරන ලීවර ලණුව කෙටි කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් ඔබේ ගරාජය වඩාත් ආරක්ෂිත කරන්න. මේ මගින් එය පිටතින් සම්බන්ධ වීම වළක්වනවා.
වටිනා භාණ්ඩ ආරක්ෂිතව තබා ගන්න
- ඔබේ වාහනයෙන් වටිනා භාණ්ඩ ඉවත් කරන්න. ඔබට ඒවා තබාගත යුතුම නම්, ඒවා boot එකේ සඟවන්න. glove box එකේ හෝ centre console එකේ දේවල් තබන්න එපා. Crime Stoppers Australia දක්වන ආකාරයට අනුව, සොරුන් මුලින්ම බලන ස්ථානය එයයි.
- ඔබේ මෝටර් රථයේ පුද්ගලික තොරතුරු අඩංගු ලියකියවිලි තැබීමෙන් වළකින්න.
නිවසේ ආරක්ෂාව වැඩි දියුණු කරන්න
- ඔයාගේ නිවස වටා ආරක්ෂක කැමරා සහ motion-sensor lights සවි කරන්න.
- ඔයාගේ නිවසේ ජනෙල් සහ දොරවල් වසා අගුළු දමා තබන්න උත්සහ කරන්න.
- ගරාජ් දොරවල් අගුළු දමන්න. ඒ වගේම නිවසට ඇතුළු විය හැකි සියලුම දොරවල් ගැනත් සැලකිලිමත් විය යුතුයි. හැකි තාක් දොර ජනෙල් වසා අගුළු දමා තබන්න.
- spare keys සොයාගත හැකි ස්ථානවල තැබීමෙන් වළකින්න
ආරක්ෂිතව වාහනය නවතා තැබිය හැකි ස්ථානයක් තෝරාගන්න
- හැකි සෑම විටම හොඳින් ආලෝකය තිබෙන ස්ථානයක හෝ ආරක්ෂිත ගරාජවල වාහනය නවත්වන්න.
- ඔයා driveway එකක වාහනය නවත්වනවා නම්, sensor light එකක් සහ CCTV install කිරීම සලකා බලන්න.
- සොරුන් ඉලක්ක කර ගත හැකි හුදකලා ස්ථාන වලින් හැකිතාක් වැළකී සිටින්න.
- විශේෂයෙන්ම අපරාධ වැඩි ප්‍රදේශයක ජීවත් වෙනවානම් number plates සඳහා anti-theft screws භාවිතා කරන්න.