ඔයාගේ අලුත් Business එකේ සයිබර් ආරක්‍ෂාව තහවුරු කරගන්න

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ අලුත් Business එකේ සයිබර් ආරක්‍ෂාව තහවුරු කරගන්න

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම Business එකක් පටන් ගන්න අවශ්‍ය වෙන මූලික කරුණු හැමදේම අපි කතා කළා.

(අලුතෙන් business එකක් පටන් විදිහ පියවරෙන් පියවර: https://sannasa.com.au/archives/9394 )

අලුතෙන් business එකක් පටන් ගන්න විදිහ පියවරෙන් පියවර

 

ඒ විදිහට පටන් ගත්ත ඔයාගේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එකේදී සලකා බැලිය යුතු පළවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management ගැනත් කලින් කිව්වා. 

දැන් අපි බලමු Business එකේ ආරක්ෂාවට වැදගත් වෙන සයිබර් ආරක්ෂාව, එහෙමත් නැත්නම් cyber security ගැන.

සයිබර් ආරක්ෂාව තහවුරු කරගන්න 

Scams, hacks සහ data leaks ඔයාගේ ව්‍යාපාරයට විනාශකාරී දෙයක් වෙන්න පුළුවන්. හොඳ සයිබර් ආරක්ෂාවක් ලබාගැනීම ඔබව සහ ඔබේ ගනුදෙනුකරුවන්ව හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

ඉතින් ව්‍යාපාරයේ සයිබර් ආරක්ෂාව තහවුරු කරගැනීම පියවර කිහිපයක් යටතේ කරගන්න පුළුවන්. අද අපි මුලින්ම බලමු තර්ජන තේරුම් ගන්න විදිහ ගැන.

 

1 . ඔබේ ව්‍යාපාරයට ඇති තර්ජන (threats) තේරුම් ගන්න

Cyber-attacks ඔයාගේ ව්‍යාපාරයට බරපතල තර්ජනයක්. සුළු සිදුවීමක් පවා ඔබේ කාලය සහ මුදල් වැය කරන්න හේතු වෙන්න පුළුවන්. එය ආතතියට හේතු විය හැකි අතර ඔයාගේ කීර්ති නාමයටත් හානියක් සිදු වෙනවා.

 

ඉතින් මෙහිදී ඔයා අවධානය යොමු කළ උතු කරුණු තමයි;

  • Scams සහ hacking වැනි online threats වර්ග
  • ඔයාගේ digital information ආරක්ෂා කරන්නේ කෙසේද යන වග 
  • ඔයා cybercrime එකකට හෝ scam එකකට ගොදුරු වුවහොත් කුමක් කළ යුතුද යන්න

 

ඒ අනුව ඕස්ට්‍රේලියාව තුළ ඔයාගේ ව්‍යාපාරයේ සයිබර් ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධව Checklist එක වෙන්නේ;

  • ඔබේ ව්‍යාපාරය ඉලක්ක කළ හැකි online threats මොනවාද යන්න තේරුම් ගන්න
  • ඔබේ ව්‍යාපාරය සඳහා සයිබර් ආරක්ෂාව පිළිබඳ උපදෙස් ලබා ගන්න

Don't forget to share this post!

Recent Posts

723
December 22, 2025