කලින් articles series එකකින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගන්න පෙර අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතු මූලික නීතිමය කාරණා ගැන.
ඕස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගන්න පෙර මේ දේවල් දැනගන්න: https://sannasa.com.au/archives/9925
ඔයා රැකියාවක් කරන කෙනෙක් වුණත් ශිෂ්‍යයෙක් වුණත් මේ දේවල් ඔයාට ඉතා වැදගත් වෙනවා.
අද අපි කතා කරන්නේ කුලී නිවසක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන විට ඔයාට වැදගත් වෙන උපදෙස් 5ක් ගැන. ඔයා international student කෙනෙක්නම් මේක ඔයාට වඩාත් වැදගත් වෙනවා.
Shared accommodation සොයන සිසුන් සාමාන්‍යයෙන් අනෙකුත් සිසුන් සමඟ එකතු වෙලා විශාල කුලී නිවසක් සොයා ගැනීමට උනන්දු වෙනවා.
මේක ඔයාගේ නවාතැන් ගන්න විකල්පය ලෙස තොරාගන්නවානම්, දේපළ වෙළඳාම් ආයතනයක් (real estate agency) එකක් හරහා අයදුම් කිරීම වඩාත් සුදුසුයි. එසේ කිරීමෙන්, කුලී නිවැසියෙකු විදිහට ඔයාට කුලී නීති මගින් සාධාරණත්වය වගේම ආරක්ෂාවත් ලැබෙනවා.
Rental housing market එක තරමක් තරඟකාරී වෙන්න පුළුවන්. ඒ නිසාම ඔයාට වැදගත් වෙන උපදෙස් 5ක් මේ විදිහට දක්වන්නම්;
- එක්ව ජීවත් වීමට සුදුසු/අනුකූල පුද්ගලයින් සොයා ගන්න
- ඔයාගේ budget එකට ගැලපෙන නිවසක් සොයාගන්න
- අදාළ ලියකියවිලි එකතු කරන්න
- නිවසක් සෙවීමේ ක්‍රියාවලියේදී මිත්‍රශීලීව කටයුතු කරන්න
- හොඳින් සූදානම් වෙන්න
මේ සෑම පියවරක් ගැනම විස්තරාත්මකව අපි ඉදිරියේදී කතා කරමු.
මේ සෑම පියවරක්ම සරල වුණත් ඔස්ට්‍රේලියාව තුළ ජෙවත් වෙන්න මේ හැම එකක්ම ඉතා වැදගත්. අයදුම් කරන්න කලින් කුලී නිවස පරීක්ෂා කිරීමත් වැදගත්. listing සැබෑ බවත් රූප සහ විස්තරය නිවැරදි බවත් ඔබ සහතික කර ගත යුතුයි. උදාහරණයක් විදිහට, කාමර ඡායාරූපවල දිස්වන ප්‍රමාණයට වඩා කුඩා විය හැකියි. එහෙමත් නැත්නම් එහි පිහිටීම ඝෝෂාකාරී පරිසරයක් අසල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සෑම දෙයක්ම කලින් සොයා බැලීම දෙපිරිසටම වඩා හිතකරයි.
සෙවීම ආරම්භ කරන්න
ඔබ සූදානම් වූ විට, realestate.com.au හෝ domain.com.au වෙත පිවිස ඔයාගේ සෙවීම ආරම්භ කරන්න. කුලී නිවැසියෙකු ලෙස ඔබේ අයිතිවාසිකම් හොඳින් දැන සිටීම ඔයාගේ වගකීමක්.