ඔයා ඕස්ට්‍රේලියාවේ ඔයාගෙම කියල Business එකක් කරන, එහෙමත් නැත්නම් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් ඔයාගේ ව්‍යාපාරයේ ආරක්ෂාවට වැදගත් වෙන කරුණු තමයි අපි මේ කතා කරන්නේ. එකේදී සලකා බැලිය යුතු පළවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management ගැනත් කලින් කිව්වා.
දැන් අපි කතා කරන්නේ Business එකේ ආරක්ෂාවට වැදගත් වෙන සයිබර් ආරක්ෂාව, එහෙමත් නැත්නම් cyber security ගැන.
සයිබර් ආරක්ෂාව තහවුරු කරගන්න
Scams, hacks සහ data leaks ඔයාගේ ව්‍යාපාරයට හිතනවාට වඩා හානියක් සිදු කරන්න පුළුවන්. හොඳ සයිබර් ආරක්ෂාවක් ලබාගැනීම ඔයාව වගේම ඔබේ ගනුදෙනුකරුවන්ව ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.
ඉතින් ව්‍යාපාරයේ සයිබර් ආරක්ෂාව තහවුරු කරගැනීම පියවර කිහිපයක් යටතේ කරගන්න පුළුවන්. ඒ යටතේ;
1 . ඔබේ ව්‍යාපාරයට ඇති තර්ජන (threats) තේරුම් ගන්න
ආකාරය ගැන අපි කතා කළා. අද බලමු cyber ආරක්ෂාව ශක්තිමත් කරන ආකාරය ගැන.
2 . ඔබේ cyber ආරක්ෂාව ශක්තිමත් කරන්න
සයිබර් තර්ජන වලින් ආරක්ෂා වීමට ආරක්ෂක පියවරයන් යොදන එක Business එකක දී ඉතාමත් වැදගත්.
මෙහි ආරම්භක පියවර විදිහට ඔයා කළ යුත්තේ accounts, devices, සහ information ආරක්ෂා කරන එක. හොඳ cyber security practices සහ රැකියා ස්ථානයේ දී ඔවුන්ට මුහුණ දිය හැකි cyber threats වර්ග පිළිබඳව ඔයාගේ staff එකට උගන්වන්න.
ඔයාගේ Business එකට අදාළ වෙනත් සයිබර් ආරක්ෂණ පියවර හඳුනා ගැනීමට professional help එක ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් රජයේ business.gov.au වෙබ් අඩවියේ දක්වා තිබෙන
Cyber security checklist එක පරීක්ෂා කරන්න.
https://business.gov.au/online-and-digital/cyber-security/cyber-security-checklist
මේ වෙනතෙක් සයිබර් ආරක්ෂාව යටතේ කතා කරපු දේවල් සියල්ල එක්ව ගත් විට ඔයාගේ Checklist එක වෙන්නේ;
- ඔබේ ව්‍යාපාරය ඉලක්ක කළ හැකි online threats මොනවාද යන්න තේරුම් ගන්න
- ඔබේ ව්‍යාපාරය සඳහා සයිබර් ආරක්ෂාව පිළිබඳ උපදෙස් ලබා ගන්න
- Strong passwords සහ 2-factor authentication යොදා ඔයාගේ accounts ආරක්ෂා කරන්න
- Software සහ systems යාවත්කාලීනව (up to date) තබා ගන්න
- Cyber security policy එකක් නිර්මාණය කරන්න
- ඔබේ කාර්ය මණ්ඩලයට cyber security පිලිබඳ දැනුම සහ පුහුණුව ලබා දෙන්න
- Cyber security insurance එකක් පිළිබඳව සලකා බලන්න