ඇමරිකාවට සංක්‍රමණය වෙන්න අදාළ වෙන නීති

  • Home
  • /
  • Blog
  • /
  • ඇමරිකාවට සංක්‍රමණය වෙන්න අදාළ වෙන නීති

ඕස්ට්‍රේලියානුවන්ට පහසුවෙන් ඇමරිකාවට සංක්‍රමණය වීමට ඉඩ සලසන Global Entry program එක ගැන අපි කලින් article එකකින් කිව්වා. එකේදී ලැබෙන ප්‍රතිලාභ ගැන වගේම ඊට සුදුසුකම් ලැබීමට ඔයා සපුරාලිය යුතු දේවල් ගැනත් කතා කළා. 

පහසුවෙන් ඇමරිකාවට සංක්‍රමණය වෙන්න අවස්ථාවක්

සියලුම ඕස්ට්‍රේලියානු Global Entry අයදුම්කරුවන් identity verification එකට එකඟ විය යුතු අතර AusCheck මගින් background check එකක් ද සිදු කෙරෙනවා. මෙයට ඕස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසම (Australian Criminal Intelligence Commission – ACIC) සහ අදාළ වන විට ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය (Australian Defence Force – ADF) විසින් සපයන තොරතුරු ඇතුළත් වෙනවා. 

සියලුම අයදුම්කරුවන් එක්සත් ජනපදය විසින් පවත්වන අතිරේක පරීක්ෂාවන් සහ පුද්ගල සම්මුඛ පරීක්ෂණයකට භාජනය විය යුතුයි. Global Entry program එක සඳහා එකම අනුමත කිරීමේ අධිකාරිය ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

Global Entry වැඩසටහනේ සාමාජිකයෙකු වීම මගින්, එක්සත් ජනපදයට ඇතුළුවීම සඳහා අදාළ වෙන visa requirements කිසිවක් ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම සිදු වෙන්නේ නැහැ. ඔයා එක්සත් ජනපදය විසින් නියම කර ඇති වීසා අවශ්‍යතා සපුරාලිය යුතුයි.

ඒ වගේම විදේශීය පුරවැසියන් සඳහා ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේදී මේ Global Entry විධිවිධානයක් නැහැ. සමහර විදේශීය පුරවැසියන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන විට SmartGates භාවිතා කිරීමට සුදුසුකම් ලබනවා. ඒ ගැන වැඩි විස්තර සඳහා SmartGates වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

USCBP Global Entry වැඩසටහන ගැන වැඩිදුර විස්තර දැනගන්න https://www.cbp.gov/travel/trusted-traveler-programs/global-entry වෙත පිවිසෙන්න.

මේ Global Entry වැඩසටහන සඳහා අයදුම් කරන ආකාරය අපි ඉදිරියේදී කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026