පහසුවෙන් ඇමරිකාවට සංක්‍රමණය වෙන්න අවස්ථාවක්

  • Home
  • /
  • News
  • /
  • පහසුවෙන් ඇමරිකාවට සංක්‍රමණය වෙන්න අවස්ථාවක්

Global Entry කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වන විට පූර්ව අනුමැතිය ලබා ඇති සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන් සඳහා ඉක්මන් සංක්‍රමණ සහ රේගු නිෂ්කාශනයට ඉඩ සලසන United States Customs and Border Protection (USCBP) වැඩසටහනක්.

මෙම ගෝලීය ප්‍රවේශ වැඩසටහන පුළුල් වෙමින් පවතින අතර දැන් සුදුසුකම් ලත් සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට මෙම අවස්ථාව ලබාගන්න පුළුවන්.

පුළුල් කරන ලද ගෝලීය ප්‍රවේශ වැඩසටහන 2025 දෙසැම්බර් 15 වන දින ආරම්භ වුණා.

 

වැඩසටහනේ ප්‍රතිලාභ වලට ඇතුළත් වන්නේ:

  • processing lines නැහැ 
  • අවම paperwork
  • වේගවත් ප්‍රවේශයට අවස්ථාව 
  • ප්‍රධාන United States airportsවල ලබා ගත හැකි වීම
  • අඩු කරන ලද wait times
  • Transportation Security Administration (TSA) Pre-Check එක සඳහා සුදුසුකම් ලැබීම

 

Global Entry membership එක වසර 5 ක් සඳහා වලංගු වෙනවා. මෙය එම කාලය තුළ වාර්ෂික ඕස්ට්‍රේලියානු පසුබිම් පරීක්ෂාවන් සමත් වීමට යටත් වෙනවා. Global Entry එක සඳහා අයදුම් කිරීමේ පිරිවැය one-time, non-refundable USD$120 ක් සහ AUD$263.50 (අවුරුදු 10 සහ ඊට වැඩි) / AUD$123.50 (අවුරුදු 9 සහ ඊට අඩු) වෙනවා.

 

ගෝලීය ප්‍රවේශ අයදුම්කරුවන්:

  • ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු විය යුතුයි 
  • ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර තිබිය යුතුයි 
  • සාපරාධී වරදකරුවන් වී නොමැති විය යුතුයි 
  • අදාළ Australian Defence Force (ADF) සේවා වැරදි නොමැති විය යුතුයි 
  • වයස අවුරුදු 18 ට අඩු නම් දෙමාපියන්ගේ කැමැත්ත තිබිය යුතුයි 

 

USCBP ඔවුන්ගේ Global Entry එක සඳහා සලකා බලන සුදුසුකම් එහි වෙබ් පිටුවේ දක්වා තිබෙනවා. ඒ සඳහා පහත link එක භාවිත කරන්න 

https://www.cbp.gov/travel/trusted-traveler-programs/global-entry/eligibility 

 

වැඩිදුර තොරතුරු සඳහා AusCheck වෙබ් අඩවියට පිවිසෙන්න: https://www.auscheck.gov.au/about/programs/gep 

Don't forget to share this post!

Recent Posts

746
January 9, 2026