කලින් Article එකකින් අපි කතා කළා RentConnect service එක ගැන. Queensland හි සිටින ඔයාට කුලී නිවසක් ලබා ගැනීමට මේ හරහා ඔයාට සහය ලබා දෙනවා.
කුලියට ගැනීමට සුදුසු ස්ථානයක් සොයාගෙන අයදුම් කරන්න වගේම ඔයා දැනටමත් කුලී නිවසක ජීවත් වෙන කෙනෙක්නම් ඔයාට තිබෙන ගැටළු වලට විසඳුම් ලබාගන්නත් RentConnect වෙතින් සහය ලබාගන්න පුළුවන්.
ඔයාට rental එකක් හොයාගන්න RentConnect service එක සහය වෙන හැටි අපි කිව්වා. අද බලමු RentConnect ක්‍රියා කරන ආකාරය සහ RentConnect සඳහා අවශ්‍යය සුදුසුකම් මොනවද කියන එක.
RentConnect ක්‍රියා කරන ආකාරය
ඔයාගේ තත්වය තේරුම් ගැනීමට සහ අවශ්‍ය විය හැකි උපකාර පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට RentConnect නිලධාරීන් ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අසනවා. එත් සමග;
- Rent එකට නිවසක් සොයා ගැනීමට
- Rental application එකේ process එක තේරුම් ගැනීමට
- Rental application forms පුරවා ගැනීමට
- Local real estate agents ලා සම්බන්ධ කර ගැනීමට
- ක්වීන්ස්ලන්ත රජය හරහා property එකක් lease කිරීමට
ඔයාට අවශ්‍ය උපකාර ලබා දෙනවා.
RentConnect සඳහා සුදුසුකම්
කුලී නිවසක් සොයා ගැනීමට සහ අයදුම් කිරීමට විශේෂිත උපකාර ලබා ගැනීමට, ඔබ;
- නිවසක් කුලියට ගැනීම සඳහා මූල්‍ය නොවන බාධකවලට මුහුණ දෙමින් සිටීම
- පෞද්ගලික rental tenancy එකක් සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වීම
මූල්‍ය නොවන ආධාර ලබා ගැනීමට income assessment එකක් නැහැ.
මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා අදාළ වෙන සුදුසුකම් තිබෙනවා.
ඉතින් ඔයත් Queensland වල සිටින නිවසක් කුලියට ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් RentConnect වෙතින් සහය ලබා ගන්න.
RentConnect සහය ලබා ගන්නේ කොහෙන්ද?
සියලුම Housing Service Centres වල RentConnect සේවාවන් තිබෙනවා.
Appointment එකක් දමා ගැනීමට;
- දුරකථන: 13 QGOV (13 74 68)
- Housing Service Centre එකක් සොයා ගන්න: https://www.qld.gov.au/housing/public-community-housing/housing-service-centre