පාරිභෝගික තොරතුරු ආරක්‍ෂා කරන ඕස්ට්‍රේලියානු නීතිය

  • Home
  • /
  • Blog
  • /
  • පාරිභෝගික තොරතුරු ආරක්‍ෂා කරන ඕස්ට්‍රේලියානු නීතිය

ඔයා ඕස්ට්‍රේලියාවේ ඔයාගෙම කියල Business එකක් කරන, එහෙමත් නැත්නම් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් ඔයාගේ ව්‍යාපාරයේ ආරක්ෂාවට වැදගත් වෙන කරුණු තමයි අපි මේ කතා කරන්නේ. මේකෙදී අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management කියන දේ ගොඩක් වැදගත්.

දැන් අපි කතා කරන්නේ Business එකේ ආරක්ෂාවට වැදගත් වෙන සයිබර් ආරක්ෂාව, එහෙමත් නැත්නම් cyber security ගැන අපි කතා කළා.

 

සයිබර් ආරක්ෂාව තහවුරු කරගන්න 

Scams, hacks සහ data leaks ඔයාගේ ව්‍යාපාරයට හිතනවාට වඩා හානියක් සිදු කරන්න පුළුවන් නිසා හොඳ සයිබර් ආරක්ෂාවක් ලබාගැනීම ඔයාව වගේම ගනුදෙනුකරුවන්ව ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

ඉතින් ව්‍යාපාරයේ සයිබර් ආරක්ෂාව තහවුරු කරගැනීම පියවර කිහිපයක් යටතේ කරගන්න පුළුවන්. ඒ යටතේ;

1 . ඔබේ ව්‍යාපාරයට ඇති තර්ජන (threats) තේරුම් ගන්න

2 . ඔබේ cyber ආරක්ෂාව ශක්තිමත් කරන්න

යන පියවර ගැන අපි කලින් articles වලින් කතා කළා.

අද අපි බලමු සයිබර් ආරක්‍ෂාව තහවුරු කරන්න වැදගත් වෙන තවත් දේවල්.

 

3 . ඔබේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ආරක්ෂා කරන්න

සමහර ව්‍යාපාර Privacy Act 1988 සහ Australian Privacy Principles වලට අනුකූල විය යුතුයි. ඒ අනුව මෙම ව්‍යාපාර සියලුම පුද්ගලික පාරිභෝගික තොරතුරු පහත සඳහන් දේවලින් ආරක්ෂා කළ යුතු වෙනවා;

  • සොරකම
  • අනවසර භාවිතය
  • අනවසර ප්‍රවේශය
  • වෙනත් ඕනෑම ආකාරයක දත්ත සම්මුතියකට එරෙහිව

ඔබට තවදුරටත් එම තොරතුරු අවශ්‍ය නොවන විට සහ ඒවා තබා ගැනීමට නීතිමය හේතුවක් නොමැති විට පාරිභෝගික තොරතුරු Destroy කිරීම හෝ de-identify කිරීමත් මෙයට අයිති වෙනවා.

ඔයාට Privacy Act එකට අනුකූල වීමට අවශ්‍ය නොවූවත් ඔයාගේ ගනුදෙනුකරුවන් වගේම ව්‍යාපාරයේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම සඳහා, පාරිභෝගික තොරතුරු සුරක්ෂිත කළ යුතු වෙනවා.

මේ වෙනතෙක් සයිබර් ආරක්ෂාව යටතේ කතා කරපු දේවල් සියල්ල එක්ව ගත් විට ඔයාගේ Checklist එක වෙන්නේ;

  • ඔබේ ව්‍යාපාරය ඉලක්ක කළ හැකි online threats මොනවාද යන්න තේරුම් ගන්න
  • ඔබේ ව්‍යාපාරය සඳහා සයිබර් ආරක්ෂාව පිළිබඳ උපදෙස් ලබා ගන්න
  • Strong passwords සහ 2-factor authentication යොදා ඔයාගේ accounts ආරක්ෂා කරන්න
  • Software සහ systems යාවත්කාලීනව (up to date) තබා ගන්න
  • Cyber security policy එකක් නිර්මාණය කරන්න 
  • ඔබේ කාර්ය මණ්ඩලයට cyber security පිලිබඳ දැනුම සහ පුහුණුව ලබා දෙන්න
  • Cyber security insurance එකක් පිළිබඳව සලකා බලන්න
  • ඔබේ ව්‍යාපාරය Privacy Act එක සහ Australian Privacy Principles වලට අනුකූල වීමට අවශ්‍ය දැයි පරීක්ෂා කරන්න
  • පාරිභෝගික තොරතුරු, පුද්ගලික තොරතුරු දැයි දැන ගන්න
  • පාරිභෝගිකයින්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා privacy policy එකක් නිර්මාණය කරන්න

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026