Insurance එක claim කළාට පස්සේ නැතිවුණු වාහනය සොයාගත්තොත්?

  • Home
  • /
  • Blog
  • /
  • Insurance එක claim කළාට පස්සේ නැතිවුණු වාහනය සොයාගත්තොත්?

ඔයාගේ වාහනය සොරකම් කළොත් ඔයා ඉක්මනින්ම ගත යුතු පියවර ගැන අපි කලින් article එකකින් කතා කළා.

අද අපි බලමු මේ විදිහට නැති වුණු ඔයාගේ car එක පොලීසියෙන් හොයාගත්තොත් මොකද වෙන්නේ සහ සොයාගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියන එක.

 

ඔයාගේ car එක පොලීසිය සොයා ගත්තොත් මොකද වෙන්නේ? 

සතුටුදායක කරුණ නම්, සොරකම් කරන ලද බවට වාර්තා වන car වලින් ඉහළ ප්‍රතිශතයක් නැවත සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඒවා බොහෝ විට හානි වී හෝ අලුත්වැඩියා කළ නොහැකි ලෙස පිළිස්සී තිබෙනවා දැකගන්න පුළුවන්. සොරකම් කරන ලද බවට වාර්තා වන මෝටර් රථයක් සොයාගත් විට, පොලිසිය අදාළ වාහනයේ හිමිකරුට ඒ බව දැනුම් දෙනවා. මෝටර් රථය ඒ වන විට කිසිදු වරදක් සඳහා භාවිතා කර නොමැති නම්, සාමාන්‍යයෙන් හිමිකරුට වාහනය ලබා ගැනීමට හෝ එය තමන් කැමති ස්ථානයට ඇදගෙන යාමට පුළුවන්.

 

පොලිසිය ඔබේ මෝටර් රථය සොයා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ?

පොලිසියට ඔයාගේ මෝටර් රථය සොයා ගැනීමට හෝ නැවත ලබා ගැනීමට නොහැකි අවස්ථාවක, එය රක්ෂණය කර ඇත්නම්, ඔයාගේ රක්ෂණකරුට පුළුවන් නිශ්චිත කාල සීමාවකට පසුව claim එක පියවීමට. claim එක settle කළ පසු, රක්ෂණ සමාගම සොරකම් කරන ලද මෝටර් රථයේ ‘හිමිකරු’ බවට පත්වෙනවා. එම නිසා එම කාල සීමාවෙන් පසුව පොලිසිය වාහනය සොයා ගතහොත්, ඔවුන් එය අදාළ රක්ෂණ සමාගමට භාර දෙනවා. පසුව එය ඔබට ආපසු ලබා දීමට ඔවුන් කටයුතු කරනු කරනවා.

Don't forget to share this post!

Recent Posts

770
January 27, 2026