කලින් article ගණනාවකින්ම අපි කිව්වා ඔයාගේ වාහනය සොරුන්ගෙන් පරිස්සම් කරගන්න විදිහ ආදී ගොඩක් දේවල් ගැන. ඔයාගේ Car එක සොරකම් කරලනම් ඔයා මොකක්ද කරන්නේ? අද අපි කතා කරන්නේ ඒ ගැන.
ඔයාගේ සොරකම් කරන ලද වාහනය සොයා යාම කිසිම වෙලාවක පොලිසිය නිර්දේශ කරන්නේ නැති දෙයක්. මොකද එය ඔයාට අනාරක්‍ෂිත නිසා.
ඔයාගේ සොරකම් කරන ලද වාහනය හෝ ඔයාගේ සොරකම් කරන ලද වාහනය බවට ඔයා සැක කරන වාහනයක් කොහේදී හෝ දැක්කොත් ඒ වාහනය වෙත ළඟා වෙන්න උත්සාහ කරන්න එපා.
ඒ වෙනුවට, පොලිසියට කතා කරලා වාහනය තිබෙන ස්ථානය සහ අදාළ අනෙකුත් විස්තර (number plate, වෙළඳ නාමය, මාදිලිය සහ වර්ණය වැනි) වගේම ඒ තුළ සිටින පුද්ගලයන් පිළිබඳව පොලීසියට ඉක්මනින් දන්වන්න.
මේ විදිහට ඔයාගේ වාහනය බවට සැක කරන්න පුළුවන් වාහනයක් අතහැර දමා තිබෙනවා ඔයා දුටුවත් කිසිම වෙලාවක වාහනය ස්පර්ශ කරන්න එපා. ඉක්මනින් පොලිසියට දැනුම් දීලා ඔවුන් එය පරීක්ෂා කරනකන් ඉන්න. ඒ මගින් සොරකම පිළිබඳව ඕනෑම වටිනා සාක්ෂියක් ආරක්ෂා කරගන්න පුළුවන්.