සිය දහස් ගණනින් ඕස්ට්‍රේලියාවට එන BYD

  • Home
  • /
  • Lifestyle
  • /
  • සිය දහස් ගණනින් ඕස්ට්‍රේලියාවට එන BYD

චීන මෝටර් රථ නිෂ්පාදක දැවැන්තයෙකු වන BYD ඔවුන්ගේ බෙදාහැරීම් වේගවත් කරමින් සිටින අතර මැයි සහ ජුනි මාසවලදී වාහන 30,000 ක් පැමිණීමට නියමිතව තිබෙනවා.

BYD Asia Pacific සමූහයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා තහවුරු කළේ සමාගමේම නෞකාවේ සහාය ඇතිව සිදු කරන මෙම දැවැන්ත නැව්ගත කිරීම, ජාතියේ ඉන්ධන අර්බුදය මධ්‍යයේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමේ උත්සාහයේ කොටසක් බවයි.

ඕස්ට්‍රේලියානුවන් පෙට්‍රල් සහ ඩීසල් භාවිතයෙන් ඈත් වීමත් සමග මෙම ඉල්ලුම ඇති වන බව ඔහු පැවසුවා.

මැදපෙරදිග මෑත කාලීන සිදුවීම් බලශක්ති සැපයුම පිළිබඳ ජනතාවගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති අතර EV සඳහා ශක්තිමත් ඉල්ලුමක් ඇති කර ඇති බව ඔහු පවසනවා.

“වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා… මැයි සහ ජුනි මාසවලදී, ඕස්ට්‍රේලියාවට වාහන 30,000 ක් පැමිණෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

සමාගමේ සාමාන්‍ය අලෙවිය වන වාහන 5,000 සිට 7,000 දක්වා ප්‍රමාණයට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩිපුර නැව්ගත කර තිබෙනවා.

පැමිණෙන වාහනවලින් බහුතරය BYD වනු ඇති අතර එහි premium brand එක වන Denza හි කුඩා කොටසක් ද මේ අතර වෙනවා.

“මෙම වාහන 30,000 න් විශාල ප්‍රමාණයක් BYD වනු ඇත” යනුවෙන් Liu මහතා පැවසුවේ, Denza සතුව දැනටමත් ප්‍රමාණවත් සැපයුමක් ඇති බව සඳහන් කරමින්.

තරඟකරුවන් මෙන් නොව, BYD සතුව තමන්ගේම roll-on/roll-off shipping fleet එකක් ඇති අතර, එමඟින් සමාගමට වාහන සෘජුවම මෙරටට ගෙන ඒමට ඉඩ සලසනවා.

විශේෂයෙන් ඉල්ලුම ඉහළ යන විට, ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ට නියමිත වේලාවට වාහන ලැබෙන බව සහතික කිරීම සඳහා ඉදිරි මාස 6 තුළ සමාගම තම යාත්‍රා භාවිතා කිරීමට සැලසුම් කරන බව Liu මහතා පවසනවා.

“පාරිභෝගිකයින්ට අපගේ වාහන නියමිත වේලාවට ලැබෙන බව සහතික කිරීම සඳහා, මෙම වාහන ඕස්ට්‍රේලියානු වෙළඳපොළට ලබා දීමට අපි අපගේම යාත්‍රා භාවිතා කරනවා” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.

Don't forget to share this post!

Recent Posts

823
April 10, 2026