මාර්තු මාසයේදී ගෘහස්ථ වියදම් ඉහළ ගිය අතර, පෙට්‍රල් මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවන වියදමට දැවැන්ත බලපෑමක් එල්ල කර තිබෙනවා.
Commonwealth Bank එක විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද නව දත්ත වලින් පෙනී යන්නේ මාර්තු මාසයේදී ගෘහස්ථ වියදම 2.9% කින් ඉහළ ගොස් ඇති අතර, එයට බොහෝ දුරට ඉන්ධන පිරිවැය ඉහළ යාම හේතු වී ඇති බවයි.
Big four bank අනුව, මෙම වියදම්වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහන වියදම් සඳහා වන අතර එය මාර්තු මාසයේදී පමණක් 22.9% කින් ඉහළ ගොස් තිබෙනවා.
ඉන්ධන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගත් විට, පෙබරවාරි මාසයේ 0.4% ක වියදම් වැඩිවීමට සාපේක්ෂව මාර්තු මාසයේදී 1% කින් ඉහළ ගොස් තිබෙනවා.
නිරීක්ෂණය කරන ලද කාණ්ඩ 12 ම වියදම් මාර්තු මාසය සඳහා ඉහළ ගොස් තිබෙනවා.
Commonwealth Bank හි Australian economics පිළිබඳ ප්‍රධානී Belinda Allen පැවසුවේ පාරිභෝගික වියදම් වැඩිවීමෙන් අඩකට වඩා ජීවන වියදම ඉහළ යාමක් බවයි.
පෙබරවාරි මස අවසානයේ ආරම්භ වූ ඇමරිකා එක්සත් ජනපදය/ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම, ලෝකයේ තෙල්වලින් පහෙන් එකක් දිනපතා ගමන් කරන තීරණාත්මක ජල මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට හේතු වී තිබෙනවා.
සති 6කට පෙර මැද පෙරදිග ගැටුම ආරම්භ වීමට පෙර, තෙල් මිල බැරලයකට ඩොලර් $US56 ($A80) ක් වූ අතර, පසුව බැරලයකට $US100 ($A143) ක් පමණ වුණා.
තෙල් මිලෙහි සෑම $10 ක වැඩිවීමක් සඳහාම, ඕස්ට්‍රේලියානුවන් fuel pump එකේදී අමතර ශත 10 ක් ගෙවනවා.
බොහෝ states සහ territories වල, නාගරික ප්‍රදේශ වල සිටින අයට වඩා කලාපීය ප්‍රදේශවල ජීවත් වෙන ඕස්ට්‍රේලියානුවන් වැඩි මුදලක් වියදම් කරන බව ඇය පවසනවා.
“ඉහළ ඉන්ධන මිල මුලින් වියදම් ඉහළ නැංවූ අතර, කෘෂිකාර්මික, පතල් සහ භාණ්ඩ ප්‍රවාහන වැනි වැඩි ඩීසල් ඉල්ලුමක් ඇති කර්මාන්ත ඉන්ධන මත දැඩි ලෙස රඳා පැවතීම හේතුවෙන් කලාපීය ප්‍රදේශ දිගුකාලීන වැඩිවීමකට නිරාවරණය වෙනවා.” යනුවෙන් ඇය සඳහන් කරනවා.