Virgin Australia දැවැන්ත sale එකෙන් $55 සිට ගුවන් ටිකට්පත්

  • Home
  • /
  • Lifestyle
  • /
  • Virgin Australia දැවැන්ත sale එකෙන් $55 සිට ගුවන් ටිකට්පත්

සඳුදා, Virgin Australia විසින් දියත් කරන ලද sale එක නිසා ජනප්‍රිය NSW holiday destinations වෙත ඉතා අඩු මිලකට flights මිලදී ගන්න ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව ලැබෙනවා.

Sydney, Byron Bay සහ Newcastle වෙත $55 සිට ආරම්භ වන one-way flights සඳහා මිලියන භාගයක airfares අඩු කිරීමට ගුවන් සමාගම මෙලෙස තීරණය කර තිබෙනවා.

මේක වලංගු වෙන්නේ 2026 මැයි 19 සහ දෙසැම්බර් 16 අතර කාලය තුළ schedule කර ඇති ගුවන් ගමන් සඳහායි. මේ sale එක ඔබට අප්‍රේල් 26 දක්වා විවෘත කරලා තිබෙනවා.

“NSW හි වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්ත වෙත $55 සිට ආරම්භ වන one-way flights ලබා දෙමින් අපි ඕස්ට්‍රේලියානුවන්ට සංචාරය කිරීම පහසු කරනවා.” යනුවෙන් Virgin Australia හි ප්‍රධාන අලෙවිකරණ සහ පාරිභෝගික මෙහෙයුම් නිලධාරි Libby Minogue පැවසුවා. “Sydney, Byron Bay සහ Newcastle යනු විශ්මයජනක භූ දර්ශන සහ විචිත්‍රවත් සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා දොරටු වන අතර, ඒවා දිගු සති අන්ත නිවාඩු සඳහා වගේම සති මැද කෙටි සංචාර සඳහා පවා ඉතා හොඳ ගමනාන්ත වනවා”

 

Virgin Australia ලබාදෙන මේ sale එක යටතේ;

  • Sydney සිට Ballina දක්වා – $55
  • Gold Coast සිට Sydney දක්වා – $69 සිට
  • Sunshine Coast සිට Sydney දක්වා – $75 සිට

ගුවන් ටිකට්පත් ලබාගන්න පුළුවන්.

 

පසුගිය සතියේ, Qantas Group සහ Virgin Australia යන දෙකම නිවේදනය කළේ මැද පෙරදිග යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ගාස්තු වැඩි වන බව සහ ඔවුන්ගේ networks හරහා ගුවන් ගමන් වාර ගණනේ වෙනසක් සිදු කරන බවයි.

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ASX market update එකකදී, Qantas පැවසුවේ ඉහළ ඉන්ධන මිල ගණන් හේතුවෙන් ඩොලර් මිලියන 800 ක මූල්‍යමය පහරක් එල්ල වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, Qantas සහ Jetstar networks හරහා capacity එක 5% කින් පමණ අඩු වෙමින් පවතින බවයි.

Virgin සඳහා ද ඊට සමාන කප්පාදුවක් නිවේදනය කළ අතර, ජුනි 30 දක්වා මාස 3 තුළ frequency එක 1% කින් අඩු වන බව බදාදා ASX යාවත්කාලීන කර තිබුණා.

ගැටුම හේතුවෙන් ඉන්ධන පිරිවැය ඩොලර් මිලියන 30-40 කින් ඉහළ යනු ඇතැයි ගුවන් සේවය පුරෝකථනය කරනවා.

 

Image credit: www.news.com.au

Don't forget to share this post!

Recent Posts

829
April 20, 2026