අතුරුදහන් වන විද්‍යාඥයන්ගේ තිරය පිටුපස කතාව

  • Home
  • /
  • News
  • /
  • අතුරුදහන් වන විද්‍යාඥයන්ගේ තිරය පිටුපස කතාව

රහස් විද්‍යාත්මක හා රජයේ කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් සම්බන්ධ මරණ සහ අතුරුදහන්වීම් මාලාවක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

සති කිහිපයක් ඇතුළත, විවිධ සිදුවීම් කිහිපයක් පිළිබඳව කතාබහට ලක්වන කරුණක් බවට පත් වූ මෙය, කොංග්‍රසය, ධවල මන්දිරය සහ ෆෙඩරල් විමර්ශකයින්ගේ අවධානය දිනා ගත්තා.

පසුගිය වසර කිහිපය තුළ NASA හි Jet Propulsion Laboratory, Los Alamos National Laboratory, MIT සහ පෞද්ගලික කර්මාන්ත වැනි ආයතන සමඟ සම්බන්ධකම් ඇති පුද්ගලයින් 10 – 11 පමණ මිය ගොස් හෝ අතුරුදහන් වී තිබෙනවා.

සමහර සිද්ධි අතුරුදහන් වූවන් සම්බන්ධ වන අතර, අනෙක් ඒවා තහවුරු කරන ලද මිනීමැරුම් මෙන්ම, අනෙකුත් මරණ ස්වාභාවික හෝ අහම්බෙන් සිදු වූ හේතූන් ලෙස දක්වා තිබෙනවා.

සිදුවීම් ලිහිල් ලෙස එකිනෙකට සම්බන්ධ වී ඇති අතර 2022 සිට 2026 දක්වා වසර හතරක් පමණ ඇතුළත මෙම සිදුවීම් වාර්තා වෙනවා. මේ සිදුවීම් වල, තිරය පිටුපස යම්කිසි නපුරු දෙයක් සිදුවී ඇති බවට මේ වන විට මත පළ වෙමින් තිබෙනවා.

2026 පෙබරවාරි මාසයේදී විශ්‍රාමික ගුවන් හමුදා මේජර් ජෙනරාල් Neil McCasland අතුරුදහන් වීමත් සමඟ නැවතත් මේ පිළිබඳව අවධානය යොමු වුණා.

අභ්‍යවකාශ හා ආරක්ෂක කටයුතු පිළිබඳ ඔහුගේ පසුබිම, මෙම සිදුවීම පිළිබඳව වැඩි අවධානයක් දිනා ගැනීමට හේතු වුණා. අන්තර්ජාලය හරහා හුවමාරු වන විවිධ මත  ඔහුව, සංවේදී හෝ රහස් දැනුමක් ඇති අයෙකු ලෙස හඳුන්වා දීමට පෙළඹී තිබෙනවා. එතැන් සිට, වෙනත් සිද්ධි, සමහර පැරණි සහ බැලූ බැල්මට පමණක් සම්බන්ධ වන වෙනත් සිද්ධි මේ ලැයිස්තුවකට එකතු වුණා.

Social media, forums, සහ සමහර media outlets හරහා, මෙම විද්‍යාඥයින් හිතාමතාම ඉලක්ක කර ගත් බවට ප්‍රකාශ පැතිර ගියා. න්‍යායාත්මකව වෙනස්කම් තිබුණත්, බොහෝ දෙනා සාමාන්‍යයෙන් ඉල්ලා සිටින පැහැදිලි කිරීම වන්නේ UFOs පිළිබඳ රහස් දැනුම, දියුණු බලශක්ති ව්‍යාපෘති ආදියයි.

තවත් මාධ්‍යය තර්ක කරන්නේ මේ සිදුවීම් අතර කිසිම සම්බන්ධයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් මෝඩ තර්ක නිර්මාණය කරමින් සිටින බවයි.

FBI ආයතනය පවසා ඇත්තේ මෙම සිද්ධි අතර කිසියම් සම්බන්ධයක් තිබේද යන්න පරීක්ෂා කරමින් සිටින බවයි. ඒ සමඟම, විමර්ශනය ගවේෂණාත්මක බවත් අතුරුදහන්වීම් සහ මරණ එකිනෙකට සම්බන්ධ බවක් පෙන්නුම් නොකරන බවත් නිලධාරීන් අවධාරණය කර තිබෙනවා..

විශ්ලේෂණ වලින් දක්වන ආකාරයට වඩාත්ම ස්ථාවර සොයාගැනීම්වලින් එකක් වන්නේ සම්බන්ධ වූ පුද්ගලයින් අතර පොදු බවක් නොමැතිකමයි.

ඔවුන් විවිධ විෂයයන්හි සේවය කළ වගේම, විවිධ භූමිකාවන් දැරූ අතර, සමහර පුද්ගලයින් විද්‍යාඥයන් නොවෙයි.

ඔවුන්ගේ තත්වයන් ද සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. හඳුනාගත් සැකකරුවන් සමඟ තහවුරු කරන ලද මිනීමැරුම් ඇතුළුව සමහර මරණ පැහැදිලිව දක්වා ඇති අතර අනෙක් ඒවා අනතුරු හෝ ස්වාභාවික හේතූන් සමඟ අනුකූල වෙනවා.

www.news.com.au වෙබ් අඩවිය දක්වන ආකාරයට මෙම සිදුවීම ජාලයට අදාළ පුද්ගලයින් කවුද?

1. Neil McCasland – අභ්‍යවකාශ සහ ආරක්ෂක පසුබිමක් ඇති විශ්‍රාමික එක්සත් ජනපද ගුවන් හමුදා මේජර් ජෙනරාල් වරයෙක්. 2026 පෙබරවාරි මාසයේදී New Mexico හි ඇවිදීමට නිවසින් පිටව ගිය පසු අතුරුදහන් වී තිබෙනවා.

2. NASA Jet Propulsion Laboratory එකෙක් Researcher කෙනෙක් වුණු Monica Reza. 2025 ජුනි මාසයේදී Los Angeles අසල කඳු නැගීමේදී අතුරුදහන් වී තිබෙනවා..

3. MIT හි භෞතික විද්‍යාඥ Nuno Loureiro. 2025 දෙසැම්බර් මාසයේදී, හිටපු පන්තියේ මිතුරෙකු විසින් කරන ලද වෙඩි තැබීමේ සිදුවීමකින් ඝාතනය කර තිබෙනවා.

4. Novartis හි Chemical biologist, Jason Thomas. 2025 මුල් භාගයේදී දියේ ගිලීමේ සිදුවීමකින් මිය ගිය අතර, කිසිදු සැක කටයුතු දෙයක් වාර්තා වී නැහැ..

5. Los Alamos National Laboratory හි Administrative assistant, Melissa Casias. 2024 දී අතුරුදහන් වී ඇති අතර, පුද්ගලික තත්වයන් සම්බන්ධ විය හැකි බවට වාර්තා වී තිබෙනවා..

6. antigravity claims සඳහා ප්‍රසිද්ධ Independent researcher කෙනෙක් වූ Amy Eskridge. ලේඛනගත පෞද්ගලික distress කාලයකින් පසු 2022 ජුනි මාසයේදී මිය ගොස් තිබෙනවා.

7. Steven Garcia, Property custodian (NNSA facility). 2025 අගෝස්තු මාසයේදී අතුරුදහන් වී තිබෙනවා.

8. Anthony Chavez, හිටපු Los Alamos worker. 2024 මැයි මාසයේදී අතුරුදහන් වී තිබෙනවා.

9. Carl Grillmair, Astrophysicist. 2026 පෙබරවාරි මාසයේදී ඝාතනය කර තිබෙනවා.

10. Frank Maiwald, NASA engineer. 2024 ජූලි 4 වන දින මිය ගොස් තිබෙනවා.

11. Michael David Hicks, JPL physicist. 2023 ජූලි මාසයේදී මිය ගොස් තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

836
April 29, 2026