වසරකට වැඩි කාලයක් තුළ, නිවාස මිල ගණන් වල අඩුම වැඩි වීම වාර්තා වී ඇති අතර, අප්‍රේල් මාසයේදී එය ඉහළ ගොස් ඇත්තේ 0.3% කින් පමණයි.
සෑම අගනගරයක්ම වේගයේ වෙනසට බලපා ඇති නමුත්, Cotality හි දත්ත වලට අනුව, මෙයට ප්‍රධාන දායකත්වයක් දක්වා ඇත්තේ සිඩ්නි සහ මෙල්බර්න් වන අතර ගෙවුණු මාසය තුළ එම නගර වල නිවාස මිල 0.6% කින් පහත වැටී තිබෙනවා.
Cotality හි ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ප්‍රධානී Gerard Burg පැවසුවේ ඕස්ට්‍රේලියාවේ විශාලතම නගර දෙකෙහි දැන් රටාවක් මතුවෙමින් පවතින බවයි. රට පුරා බලශක්ති මිල ගණන් හා සම්බන්ධ මිල ගණන් වෙනස් වීම් වැනි දේවල් නිසා ලබන මාසයේදී මෙහි යම්කිසි වෙනසක් ඇති විය හැකි බවා ඔහු පෙන්වා දෙනවා.
විකල්ප home price index provider කෙනෙක් වන REA සමූහයේ PropTrack, අප්‍රේල් මාසයේදී ජාතික නිවාස මිල 0.1% කින් පහත වැටුණු බව වාර්තා කරනවා.
සිඩ්නි සහ මෙල්බර්න් පිළිවෙලින් 0.5% ක සහ 0.3% ක මිල පහත වැටීම් වාර්තා කළ බව එහි සඳහන් වුණා.
මේ කුමන දත්ත දෙස බැලුවත්, ඉදිරියේදී තත්ත්වය මන්දගාමී විය හැකියි.
වසරේ මේ දක්වා, Reserve Bank of Australia, පොලී අනුපාත දෙවරක් ඉහළ නංවා ඇති අතර, නිල cash rate එක 4.1% දක්වා ගෙන විත් තිබෙනවා.
Headline inflation එක දැන් 4.6% ක් වන නිසා, තවත් rate වැඩි වීමක් සිදුවිය හැකි අතර, නිවාස වෙළඳපොළට අභියෝගයක් ඇති විය හැකි බව Burg මහතා පවසනවා.
සෑම අගනගරයක්ම අප්‍රේල් මාසයේදී මන්දගාමී වර්ධන වේගයක් වාර්තා කළා. කෙසේ වෙතත්, සෑම ප්‍රධාන නගරයකම නිවාස මිල වෙනස් වූ අතර, නිවාසවල වටිනාකම වැඩිපුරම වැඩි වී ඇත්තේ Perth වලයි. එහි නිවාස වටිනාකම 2.1% කින් ඉහළ ගොස් ඇති අතර එම මධ්‍යන්‍ය වැඩිවීම $21,000 කට වඩා වැඩියි.
Brisbane, Adelaide සහ Darwin හි ද නිවාස මිලෙහි වැඩි වීම මන්දගාමී වූ නමුත් ඒ සෑම නගරයකම 1% කට වඩා වැඩි අගයකින් මිල වැඩි වී තිබෙනවා.
Cotality දත්ත වලට අනුව Hobart හි ගෙවුණු මාසය තුළ, 0.2% ක වැඩි වීමක් පෙන්වන අතර Canberra හි නිවාස මිල ගණන් අප්‍රේල් මාසය තුළ වෙනසක් වී නැහැ.
ණය ලබා ගැනීමේ හැකියාව සහ first-home buyer opportunities හේතුවෙන් බලපෑමට ලක් වූ සියලුම නගරවල, මිල අඩු නිවාස වල මිල ගණන් දිගින් දිගටම ඉහළ යමින් තිබෙනවා.
සැලකිය යුතු මන්දගාමිත්වයක් තිබියදීත්, regional markets තවමත් ශක්තිමත්ව පවතිනවා.
වසරේ මුල් මාස 4 තුළ, සමස්ත අගනගර වල නිවාස වටිනාකම 1.8%කින් ඉහළ යද්දී regional areas වල වටිනාකම 4.2% කින් ඉහළ ගොස් තිබෙනවා.