NSW මාර්ගවල සිදුවන මරණ සඳහා ප්‍රධානතම හේතු 3න් එකක් වන්නේ රියදුරන්ගේ තෙහෙට්ටුව හෙවත් Driver fatigue. Victoria හි සිදුවන මාර්ග අනතුරු වලින් 25% කට රියදුරන්ගේ තෙහෙට්ටුව බලපෑ තිබෙනවා. Queensland හි, 2020 දී රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ වලින් 12.2% ක් driver fatigue නිසා ඇති වූ ඒවායි. Queensland හි, රියදුරන්ගෙන් 37% ක් තමන් වෙහෙසට පත්ව රිය පැදවූ බව පිළිගන්නවා.
Transport NSW සඳහා කරන ලද පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ තෙහෙට්ටුව, බීමතින් රිය පැදවීම තරම්ම භයානක විය හැකි බවයි. නමුත් බීමතින් රිය පැදවීම මෙන් නොව, driver fatigue එක නියාමනය කරන නීති නැහැ.
බොහෝ අය සිතන්නේ තෙහෙට්ටුව දිගු දුර රිය පැදවීම සඳහා පමණක් ගැටළුවක් වන බවයි. නමුත් එය කෙටි ගමන් සඳහා ද අදාළ වෙනවා.
දිගු වේලාවක් රැකියාවේ යෙදීම, සාමාන්‍ය නින්දක් නොමැතිකම හෝ ශාරීරිකව වෙහෙසකර කාර්යයන් වල නිරත වීම නිසා සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් රිය පදවන විට වෙහෙසකර වී සිටිනවා.
තෙහෙට්ටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණු ගැන විමසිල්ලෙන් සිටින්න
ඔබ ගමන් කිරීමට සැලසුම් කරන දුර කුමක් වුවත්, රිය පැදවීමට පෙර ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම වැදගත්. Transport Accident Commission (TAC) එක දක්වන ආකාරයට තෙහෙට්ටුව (fatigue) පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා වන්නේ;
- ඈනුම් යෑම
- අවධානය අඩු වීම හෝ දවල් සිහින දැකීම
- ආතතිය සහ වෙහෙසකර ඇස්
- වෙහෙසකර බව හෝ හැඟීම්බර බව
- නිදිමත ගතිය හෝ මන්දගාමී ප්‍රතික්‍රියා දැක්වීම
- කම්මැලිකම හෝ අභිප්‍රේරණයක් නොමැතිකම
- අධික වේලාවක් රිය පැදවීම සහ දුර්වල තීරණ ගැනීම වැනි driving performance අඩුවීම