English Requirement එක නැතුව Australia වල Study කරන්න පුළුවන්ද?

  • Home
  • /
  • Blog
  • /
  • English Requirement එක නැතුව Australia වල Study කරන්න පුළුවන්ද?

International student කෙනෙක් ඕස්ට්‍රේලියාවේ study කරන්න apply කරන විදිහ ගැනයි අපි මේ Web Article Series එක හරහා කතා කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ study කරන්න apply කරන විදිහ අපිට පියවර 3ක් යටතේ සලකා බලන්න පුළුවන්. 

ඒ අතරින් වැදගත් වගේම ආරම්භක පියවර විදිහට ඔයාට තිබෙන ඉගෙනුම් අවස්ථා, එහෙමත් නැත්නම් study options ගැන අපි කලින් article එකකින් කිව්වා.

https://sannasa.com.au/archives/10468 

 

අද අපි බලමු මේකට අවශ්‍ය වෙන academic entry requirements මොනවාද කියලා. 

ඔයා සමහර විට දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් හෝ ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්නම් ඔයාට මේ දේවල් උදව් වේවි. 

 

සලකා බැලිය යුතු academic entry requirements මොනවාද?

Academic entry requirements (English language level එකද ඇතුළුව) ඔබට හැදෑරීමට අවශ්‍ය පාඨමාලාව අනුව වෙනස් වෙනවා.

English language requirement 

ඉංග්‍රීසි භාෂාව ඔයාගේ දෙවන භාෂාව නම්, බොහෝ පාඨමාලා සඳහා ඇතුළත් වීමට සාමාන්‍යයෙන් English language requirements තියෙනවා. මේක එක් එක් පාඨමාලාව අනුව වෙනස් වෙනවා වගේම ඔයා ශ්‍රී ලංකාවේ සිට හෝ වෙනත් රටක සිට ඕස්ට්‍රේලියාවට එනවනම් මේක visa requirements වලටත් අදාළ වෙනවා.  

 

Foundation courses 

Australian high school qualification එකකට සමාන academic entry requirements සපුරාලීමට ඔයාට bridging study program ලෙස හැඳින්වෙන Foundation course එකක් හදාරන්න පුළුවන්. Foundation courses සාමාන්‍යයෙන් වසරක කාලයක් දිගු වන අතර බොහෝ උසස් අධ්‍යාපන ආයතන විසින් පිරිනමනු ලබනවා.

 

Recognition of prior learning (RPL)

සමහර Australian education and training providers ලා ඔයාගේ previous studies මත පදනම්ව course credits හෝ exemptions පිරිනමනවා. මෙය Recognition of Prior Learning (RPL) ලෙස හඳුන්වනවා. ඉතින් ඔයාගේ තියෙන අධ්‍යාපන සුදුසුකම්, course credits හෝ exemptions ලබාගන්න උදව් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සොයා බලන්න. මේ ගැන වැඩිදුර තොරතුරු www.studyaustralia.gov.au වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

857
May 28, 2026