සඳේ අඳුරු ආවාට වල සැඟවුණු භයානක ඇත්ත දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • සඳේ අඳුරු ආවාට වල සැඟවුණු භයානක ඇත්ත දන්නවද?

සඳ මත කඳවුරක් ඉදිකිරීමේ, අදියර තුනකින් යුත් මෙහෙයුම පිළිබඳ විස්තර නාසා ආයතනය විසින් එළිදක්වා ඇති අතර, සඳ වෙත ගොඩබෑමේ යන්ත්‍ර (landers), ඩ්‍රෝන යානා (drones) සහ රෝවර් යානා (drones) තැනීම සඳහා ඇමරිකානු සමාගම්වලට ඩොලර් මිලියන සියයක කොන්ත්‍රාත්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට වේලාවෙන් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී චන්ද්‍රයාගේ South Pole region එකේ සිය “Moon Base” එක පිහිටුවීමේ ඩොලර් බිලියන 20 ක සැලැස්ම ඒජන්සිය විසින් විස්තර කළා.

“America is returning to the moon” යනුවෙන් නාසා පරිපාලක Jared Isaacman එහිදී සඳහන් කළා.

නාසා ආයතනය පැවසුවේ base එක ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගීමට සැලසුම් කර ඇති අතර, අදියර තුනෙන් පළමුවැන්න දැනටමත් සිදුවෙමින් පවතින බවයි.

පළමු අදියර යටතේ, චන්ද්‍රයාගේ South Pole region එක පරීක්ෂා කිරීමට සහ technologies පරීක්ෂා කිරීම සඳහා robotic missions series එකක් දියත් කිරීමට නියමිතයි.

NASA හි Moon Base ව්‍යාපෘතියේ program executive, Carlos García-Galán පැවසුවේ මෙම අදියරට දියත් කිරීම් 25 ක් සහ ගොඩබෑම් 21 ක් ඇතුළත් වන අතර සඳ මතුපිටට මෙට්‍රික් ටොන් 4ක පමණ භාණ්ඩ යවන බවයි.

චන්ද්‍රයාගේ South Pole එකේ strategic area එකකට equipment ලබා දීම සඳහා Amazon නිර්මාතෘ Jeff Bezos සතු Blue Origin සමාගමේ Mark 1 Endurance lander තෝරාගෙන තිබෙනවා. ඒ අනුව එම සමාගමට ඩොලර් මිලියන 188 ක ආරම්භක කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කෙරුණා.

මෙම ආරම්භක අදියරේදී Astrobotic විසින් සාදන ලද lander එකක් භාවිත කර rover එකක් සහ රාත්තල් 1000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් චන්ද්‍රයා වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

lunar terrain vehicles (LTV) වල පළමු අදියර වෙනුවෙන් නාසා ආයතනය Astrolab වෙත USD මිලියන 219 ක් සහ Lunar Outpost වෙත USD මිලියන 220 ක් ප්‍රදානය කළා.

2029 සහ 2032 අතර කාලය තුළ නියමිත දෙවන අදියරේදී, චන්ද්‍රයා මතුපිට මූලික යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට නාසා ආයතනය සැලසුම් කරනවා.

දෙවන අදියරේදී, ස්ථිර යටිතල පහසුකම් ගොඩනඟන අතර power grid එකක් සහ ඒ හා සමාන දේවල් සැකසීම ඇතුළුව, චන්ද්‍රයා ස්ථිර වාසස්ථානයක් කිරීමට අවශ්‍ය දේ ගොඩනගන බව García-Galán මහතා පවසනවා.

2032 සහ ඉන් ඔබ්බට සිදුවීමට නියමිත තුන්වන අදියරේදී, crew rotations සහ අඛණ්ඩ මතුපිට ක්‍රියාකාරකම් සමඟ තිරසාර චන්ද්‍ර පැවැත්මක් ලබා ගැනීම නාසා ආයතනයේ අරමුණයි.

අඟහරු ග්‍රහයා ගවේෂණය සඳහා අඩිතාලම දමන මෙම Moon Base ව්‍යාපෘතිය අභියෝගාත්මක වනු ඇති බව Isaacman මහතා පවසනවා.

“හිරු එළියේදී, මතුපිට අංශක 250 ට වඩා රත් විය හැකියි. අන්ධකාරයේදී, එය -200 ට වඩා පහත වැටිය හැකියි. වසර මිලියන, බිලියන ගණනන් හිරු එළිය නොවැටුණු සෙවනැලි සහිත ආවාටවල, උෂ්ණත්වය අංශක -400 ට වඩා පහත වැටිය හැකියි.”

“මෙම අන්තයන් මධ්‍යස්ථ කිරීමට වායුගෝලයක් නැහැ, විකිරණ වලින් ආරක්ෂාවක් නැහැ.”

1972 න් පසු පළමු වරට සඳ වටා කක්ෂගත වූ, නාසා හි Artemis II මෙහෙයුම සාර්ථකව අවසන් කර ඇති පසුබිමක මේ නව සැලැස්ම විශේෂ අවදානයක් දිනා ගන්නවා.

 

Image credit: www.earth.com

Don't forget to share this post!

Recent Posts

859
May 28, 2026