නොනවත්වා පැය 22ක් අහසේ රැඳෙන ලොව දිගම ගුවන් ගමනට සූදානම්ද?

  • Home
  • /
  • Lifestyle
  • /
  • නොනවත්වා පැය 22ක් අහසේ රැඳෙන ලොව දිගම ගුවන් ගමනට සූදානම්ද?

New York සහ London වෙත කිසිදු නැවතුමකින් තොරව සෘජුවම පියාසර කිරීමේ, ක්වන්ටාස් (Qantas) සමාගමේ ඓතිහාසික සිහිනය, ඔවුන්ගේ නවතම අතිශය දිගු දුර ගුවන් යානයේ මංගල පරීක්ෂණ පියාසැරියත් සමඟ තවත් පියවරක් ඉදිරියට තබා තිබෙනවා.

පැය 22 ක් ගුවනේ රැඳී සිටිය හැකි Airbus යානය අඟහරුවාදා දහවල් ප්‍රංශ ගුවන් තොටුපළකින් ගුවන් ගත වුණා.

පැය හතරකට ආසන්න කාලයක් පැවති මෙම පරීක්ෂණ පියාසැරියත් සමඟ, මාස 2ක පරීක්ෂණ කාලසීමාවක් නිල වශයෙන් ආරම්භ වෙනවා. මෙම නව යානය මගී ප්‍රවාහනය සඳහා යොදවන, පළමු route එක සහ කාලසටහන් මේ මස අගදී නිවේදනය කිරීමට Qantas සමාගම සැලසුම් කර තිබෙනවා.

Supply chain එකේ තිබු බාධා නිසා ගුවන් යානා අවසන් වශයෙන් භාරදීම මාස 4කින් පමණ ප්‍රමාද වූ බව පසුගිය සතියේ Airbus සමාගම ප්‍රකාශ කළා.

ප්‍රංශයේ Toulouse නුවරින් පසුගිය අඟහරුවාදා ගුවන්ගත වූයේ Qantas සමාගම වෙනුවෙන්ම නිෂ්පාදනය කෙරෙන A350-1000ULR (Ultra Long Range) වර්ගයේ යානා 12න් දෙවැන්නයි. කෙසේ වෙතත්, මෙම මාදිලියේ පළමු ගුවන් යානය 2027 වසරේ අප්‍රේල් මාසයේදී Qantas සමාගමට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දැනට පරීක්ෂාවට ලක් කළ යානය, ආසන පන්ති (cabin classes) 4කින් යුක්තව Qantas අවශ්‍යතාවලට අනුව සකස් කිරීම සඳහා දැනට යොමු කර තිබෙනවා.

 

  • Extra fuel tank: නව ටැංකිය නිසා යානයේ පියාසර පරාසයට තවත් 1,800km ක අමතර දුරක් එකතු වෙනවා.
  • සැහැල්ලු තාක්ෂණය: ගමන් දුර උපරිම කිරීම සඳහා බර අඩු, වඩාත් කාර්යක්ෂම galley cooling systems මෙයට ඇතුළත්.
  • පියාසැරි සීමාවන්: පළමු පරීක්ෂණ පියාසැරිය පැය 3යි මිනිත්තු 43ක් පුරා දිවුණු අතර, එහිදී යානය අඩි 41,000කට වඩා ඉහළ අහසට ළඟා වුණා.

 

මොකක්ද මේ “Project Sunrise”?

2017 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු, ultra-long-range A350 යානා 12ක් හරහා ලෝකය යා කරන Qantas සමාගමේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය හඳුන්වන්නේ “Project Sunrise” ලෙසයි.

දැනටමත් සිඩ්නි නුවර පිහිටි simulators මඟින් මෙම නව යානා සඳහා නියමුවන් පුහුණු කිරීම ආරම්භ කර තිබෙනවා. දැනට ක්වන්ටාස් සමාගම පර්ත් සිට ලන්ඩන් දක්වා පැය 18ක නොනවත්වා ගුවන් ගමනක් ක්‍රියාත්මක කළත්, මෙම නව යානා හරහා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ සිට (සිඩ්නි, මෙල්බර්න් සිට) ලන්ඩන් හෝ නිව්යෝර්ක් දක්වා යන ගමනෙන් මගීන්ට පැය 4ක් පමණ ඉතිරි කරගත හැකි වෙනවා.

දැනට ලොව දිගම ගුවන් ගමන්:

  • Singapore Airlines : New York සහ New Jersey සිට සිංගප්පූරුව දක්වා (ලොව දිගම ගුවන් ගමන් 2)
  • Qatar Airways: Auckland සිට Doha දක්වා (3 වන ස්ථානය)
  • Qantas: Perth සිට London, Melbourne සිට Dallas, සහ Paris සිට Perth  (4, 5 සහ 6 වන ස්ථාන)
  • Qantas සහ Air New Zealand: Auckland සිට New York දක්වා (7 වන ස්ථානය)

 

Image credit: simpleflying.com 

Don't forget to share this post!

Recent Posts

866
June 3, 2026