අපි කලින් article එකකින් කතා කළා අනතුරු රැසකට හේතු වෙන Driver fatigue ගැන. මේ fatigue, එහෙමත් නැත්නම් තෙහෙට්ටුව බීමතින් රිය පැදවීම තරම්ම භයානකයි. දුර ගමන් සඳහා විතරක් නෙවෙයි කෙටි දුරක් උනත් drive කරනවානම් මේක අදාළ වෙනවා.
Fatigue එකේ ලක්ෂණ ගැන අපි කලින් කිව්වා. අද බලමු driver fatigue එක වලක්වා ගන්න Tips ටිකක්.
Transport Accident Commission (TAC) එක දක්වන ආකාරයට ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම තමයි driver fatigue එක සඳහා තිබෙන හොඳම විසඳුම.
ඔයාට විඩාබර ගතියක් දැනෙනවා නම් drive කිරීමෙන් වළකින්න. එහෙමත් නැත්නම් fatigue එක වළක්වා ගන්න මේ tips follow කරන්න.
- ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
- දවසකට රිය පදවන කාලය පැය 8-10කට වඩා අඩු මට්ටමක පවත්වා ගන්න.
- රාත්‍රී කාලයේදී හෝ ඔයාගේ ශරීරය සාමාන්‍යයෙන් නිදාගන්න හුරු වෙලා තියෙන වෙනත් වෙලාවන්වලදී රිය පැදවීමෙන් වළකින්න.
- දිග ගමනක් යනවා නම් තනියම drive කරන්නේ නැතුව, වාහනයේ සිටින තවත් කෙනෙක් සමඟ මාරුවෙන් මාරුවට රිය පදවන්න.
- දවස පුරා වැඩ කරලා මහන්සි වෙලා ආපසු ආ වහාම දුර ගමන් යන්න එපා.
- නිතරම විවේක ගන්න සැලසුම් කරන්න. අවම වශයෙන් සෑම පැය 2කට වරක්වත් නියමිත විවේක ස්ථානයක (Rest area) නතර කර සිරුරට සහ ඇස්වලට විවේකයක් දෙන්න.
- ගමනට කලින් හෝ ගමන අතරතුර මත්පැන් පානය කිරීමෙන් වළකින්න. කුඩා මත්පැන් ප්‍රමාණයකින් වුවත් රියදුරුගේ මහන්සිය සහ නිදිබර ගතිය අධික ලෙස වැඩි කරන්න පුළුවන්.
- ඔයාට drive කරද්දී කම්මැලිකමක් හෝ නිදිබර ගතියක් දැනෙනවා නම් වහාම වාහනය ආරක්ෂිතව නතර කරලා විනාඩි 15ක කුඩා නින්දක් (Power Nap) ලබාගන්න. නැත්නම් එදිනට ගමන නතර කරන්න.
- ඔයා පාවිච්චි කරන කිසියම් ඖෂධයක් නිසා නිදිබර ගතිය ඇති වෙනවාද කියා වෛද්‍යවරයකුගෙන් හෝ ෆාමසියෙන් අසා කල්තියා දැනගන්න.
මහන්සිය නිවාගන්න තැන් (Rest Areas & Driver Reviver locations)
රියදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට ආරක්ෂිතව වාහන නතර කරලා, ටිකක් ඇවිදලා මහන්සිය නිවාගන්න නියමිත විවේක ස්ථාන (rest areas) ඕස්ට්‍රේලියාවේ මහා මාර්ගවල සකස් කරලා තියෙනවා. මීට අමතරව Service centres, petrol stations, parks, සහ country towns වලත් නතර වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම නිවාඩු කාලසීමාවලදී ක්‍රියාත්මක වෙන Driver Reviver ස්ථාන ගැනත් සැලකිලිමත් වන්න.
ප්‍රධාන මහා මාර්ග අසල ඇති කෝපි කෝප්පයක සලකුණ (Coffee cup signs) සහිත පුවරු ගැන අවධානයෙන් සිටින්න. නිවාඩු කාලසීමාවන් තුළ මෙම Driver reviver sites ක්‍රියාත්මක වන අතර, රියදුරන්ට ආරක්ෂිතව විවේක ගන්න වගේම ප්‍රබෝධමත් වෙන්න නොමිලේ තේ හෝ කෝපි ලබාගැනීමට මෙයින් අවස්ථාව ලැබෙනවා.
Image credit: www.nswnationals.org.au