ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන අංක 1 රැකියා ක්ෂේත්‍රය මෙන්න!

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන අංක 1 රැකියා ක්ෂේත්‍රය මෙන්න!

ඔයා ඕස්ට්‍රේලියාවේ ජීවත් කෙනෙක්ද? එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනයට, රැකියාවකට හෝ පදිංචියට එන්න සිහින දකින කෙනෙක්ද? ඒ කවුරු වුණත් අනිවාර්යයෙන්ම මෙරට රැකියා වෙළෙඳපොළේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් වෙලා ඉන්න එක ඔයාට ගොඩක් වැදගත්. 

ඕස්ට්‍රේලියානු රජයේ නිල දත්තවලට අනුව, දැනට එරට පවතින විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන රැකියා ක්ෂේත්‍රය වන්නේ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයයි (Health Care and Social Assistance). සමස්ත ඕස්ට්‍රේලියාවේ රැකියාවලින් 16%ක්ම නියෝජනය කරන්නේ මේ ක්ෂේත්‍රයයි! 

 

පසුගිය වසර 10 තුළ සිදු වූ දැවැන්ත පිම්ම

ඕස්ට්‍රේලියාවේ වයස්ගත ජනගහනය ඉහළ යාම සහ සෞඛ්‍ය සේවාවලට ඇති ඉල්ලුම නිසා පසුගිය වසර 10 ඇතුළත මෙම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 60% කින්, එනම් සිතාගත නොහැකි මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ පමණක් එය 3.2% කින් වර්ධනය වී ඇති අතර, ඉදිරි වසර 5 ඇතුළත (2029 මැයි දක්වා) තවත් 12.5% කින් රැකියා ඉල්ලුම ඉහළ යනු ඇතැයි ක්ෂේත්‍රයේ විශේෂඥයන් අනාවැකි පළ කරනවා.  

 

මේ ක්ෂේත්‍රයට අයිති වෙන්නේ මොන වගේ රැකියාද?

මෙය රෝහල්වලට පමණක් සීමා වූවක් නොවේ. ඔබට පහත සඳහන් ඕනෑම අංශයකින් මේ සඳහා සම්බන්ධ විය හැකියි;

  • රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන (Hospitals & Medical Centres)  
  • ළමා සුරැකුම් මධ්‍යස්ථාන (Childcare Centres)  
  • වැඩිහිටි සහ ආබාධිත තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන (Aged and Disabled Care)  
  • ඖෂධ නිෂ්පාදනාගාර සහ රසායනාගාර (Pharmacies & Laboratories)  

 

දැනට පවතින දැඩි සේවක හිඟය හෙවත් Skill Shortages නිසා කොවිඩ් වසංගතයට පෙර තිබුණාටත් වඩා දෙගුණයකටත් වැඩි රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් මේ වන විට මෙම ක්ෂේත්‍රයේ පවතිනවා. 

විශේෂයෙන්ම පහත සඳහන් වෘත්තීන් සඳහා ඕස්ට්‍රේලියාව තුළ වැඩි අවස්ථා පවතිනවා;

  • ලියාපදිංචි හෙද හෙදියන් (Registered Nurses)  
  • වයස්ගත සහ ආබාධිත පුද්ගලයන් රැකබලා ගන්නන් (Aged and Disabled Carers)  
  • ළමා සුරැකුම් සේවකයන් (Child Carers)  
  • සාමාන්‍ය වෛද්‍යවරුන් (General Practitioners – GPs)  
  • හෙද සහ පෞද්ගලික සත්කාරක සහායකයන් (Nursing Support & Personal Care Workers)  

 

ඔබත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය (PR) හෝ ඉහළ වැටුපක් සහිත සුරක්ෂිත වෘත්තීය ජීවිතයක් බලාපොරොත්තු වන්නේ නම්, මෙම ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හෝ පුහුණුවක් තෝරා ගැනීම ඔබේ අනාගතයට තබන හොඳම ආයෝජනයක් වනු නිසැකයි!

Don't forget to share this post!

Recent Posts

919
July 2, 2026