එක රැයකට මුළු ඕස්ට්‍රේලියාවේම නීති වෙනස් වෙයි!

  • Home
  • /
  • Entertainment
  • /
  • එක රැයකට මුළු ඕස්ට්‍රේලියාවේම නීති වෙනස් වෙයි!

FIFA World Cup, Round of 32 වටයේදී ඔස්ට්‍රේලියාවේ Socceroos කණ්ඩායම සහ ඊජිප්තුව අතර තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ Texas ප්‍රාන්තයේ Dallas නුවර පැවැත්වෙන මෙම තරඟය, ඕස්ට්‍රේලියානු වේලාවෙන් (AEST) සෙනසුරාදා (ජුලි 4) අලුයම 4:00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අලුයම කාලයේ පැවැත්වෙන මෙම තරඟය සජීවීව නරඹන රසිකයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල රජයන් විශේෂ ප්‍රවාහන සේවා යොදවන්න වගේම trading hours දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

“මේ දීර්ඝ කරපු trading hours සහ විශේෂ ප්‍රවාහන පහසුකම් නිසා පාපන්දු ක්‍රීඩාවට විතරක්ම දෙන්න පුළුවන් සුපිරි උත්සව වාතාවරණයක් රට තුළ නිර්මාණය වේවි,” යැයි Football Australia හි ප්‍රධාන විධායක නිලධාරී Martin Kugeler පවසනවා.

 

NSW රජයෙන් විශේෂ පහසුකම් රැසක්

තරඟය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් නිව් සවුත් වේල්ස් රජය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාවක් සහ Pubs ආදිය කලින් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

සිඩ්නි නුවර සජීවී තරඟ විකාශයන් සිදු කෙරෙන Tumbalong Park (Darling Harbour) සහ Cathy Freeman Park (Homebush) යන ස්ථාන කරා ළඟා වීම සඳහා විශේෂ ප්‍රවාහන කාලසටහන් නිකුත් කර තිබෙනවා.

  • Metro services අලුයම 1:30 සිට 5:00 දක්වා සෑම විනාඩි 20 කට වරක්ම ක්‍රියාත්මක වේ.
  • නගරය බලා ධාවනය වන මුල්ම Trains Leppington වෙතින් අලුයම 2:00 ටද, Penrith වෙතින් අලුයම 2:10 ටද, Hornsby වෙතින් (Chatswood සහ Epping හරහා) අලුයම 2:34 ටද, Macarthur වෙතින් අලුයම 2:15 ටද ගමන් ආරම්භ කරනවා.
  • Lidcombe සහ Olympic Park අතර දුම්රිය සේවා අලුයම 3:00 ට ආරම්භ වෙනවා.
  • Tram services (L1, L2, L3) වෙනදාට වඩා පැය දෙකකට කලින්, එනම් අලුයම 2:30 සිට ධාවනය ආරම්භ කෙරෙනවා.

 

Pubs, bars සහ clubs සඳහා විශේෂ සහන

තරඟය සජීවීව පෙන්වන ප්‍රාන්තයේ සියලුම Pubs, bars සහ clubs අලුයම 3:00 සිට විවෘත කිරීමට අවසර දී තිබෙනවා. සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රී 1:00 ට හෝ 2:00 ට වසා දැමීමට නියමිත ස්ථානවලට, අතරතුර කාලයේ වසා දැමීමකින් තොරව දිගටම විවෘතව තැබීමට අවස්ථාව හිමි වෙනවා.

 

දේශපාලන සහ ව්‍යාපාරික අංශවල ප්‍රතිචාර

“පාපන්දු ලෝලීන්ගෙන් දුම්රිය ස්ථාන මේ තරම් උදෑසනක පිරී ඉතිරී යනවා දකින්න මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා. මෙවැනි අවස්ථා අපව පැය 24 පුරාම සක්‍රීය ආර්ථිකයක් කරා රැගෙන යනවා.” යනුවෙන් ප්‍රවාහන අමාත්‍ය John Graham පවසනවා.

Socceroos කණ්ඩායම ඉදිරි වටයට සුදුසුකම් ලැබුවහොත් මෙම අතිරේක ප්‍රවාහන සේවා ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

පොදු අවකාශයන් පිළිබඳ අමාත්‍ය Paul Scully ප්‍රකාශ කළේ මේ වන විටත් දහස් සංඛ්‍යාත පිරිසක් Tumbalong සහ Cathy Freeman උද්‍යාන වෙත පැමිණ තරඟ නරඹා ඇති බවයි. “ඒක අලුයම 4 වුණත් හවස 4 වුණත්, අපිට ඕන සිඩ්නි වැසියන්ට සහ සංචාරකයින්ට එකතු වෙලා මේ සතුට සමරන්න ඉඩ හදලා දෙන්නයි” ඔහු පැවසුවා.

ක්‍රීඩා අමාත්‍ය Steve Kamper කියා සිටියේ රජය උත්සාහ කරන්නේ රසිකයින්ට තම කණ්ඩායමට සහයෝගය දැක්වීම තවත් පහසු කිරීමට බවයි.

මේ අතර, Business Sydney ආයතනයේ විධායක අධ්‍යක්ෂ Paul Nicolaou පෙන්වා දෙන්නේ මෙවැනි මහා පරිමාණ ක්‍රීඩා ඉසව් සිඩ්නි නගරයට නව පණක් ලබා දෙන අතරම නගරයේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බැවින් විශ්වාසදායක පොදු ප්‍රවාහන සේවාවක් තිබීම අත්‍යවශ්‍ය බවයි.

 

වික්ටෝරියාවේ සියලුම තැන් විවෘතයි. උදේ ආහාරයත් නොමිලේ!

වික්ටෝරියා ප්‍රාන්ත Premier Jacinta Allen විසින් තරඟය විකාශය කරන සියලුම බලපත්‍රලාභී වෙළඳසැල් සහ බාර් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

“ඒ කියන්නේ දොරවල් විවෘතයි, ලොකු screen ලෑස්තියි. හැමෝවම සාදරයෙන් පිළිගන්නවා” යැයි ඇය පැවසුවා. තරඟය පෙන්වන ස්ථාන මුළු රාත්‍රිය පුරාම විවෘතව තැබිය හැකි අතර, Last service එක තරඟය අවසන් වී පැයකට පසුවයි.

මීට අමතරව, මෙල්බර්න් නුවර Fed Square සහ AAMI Park යන ස්ථානවල Live sites පැවැත්වෙන අතර, එහි පැමිණෙන රසිකයින් වෙනුවෙන් නොමිලේ උණුසුම් උදේ ආහාරයක්, අසුන් සහ ඉඩකඩ වෙන් කර තිබීම විශේෂත්වයක්.

 

ක්වීන්ස්ලන්තයෙන් විශේෂ ව්‍යාපෘතියක්

ක්වීන්ස්ලන්තය ද තරඟය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පූර්ව අනුමැතිය ලබාගත් ප්‍රාන්තයේ pubs සහ clubs වලට තරඟය පැවැත්වෙන දිනයේ අලුයම 3:00 සිට උදෑසන 7:00 දක්වා වෙළඳාම් කටයුතු සිදු කිරීමට අවසර හිමි වෙනවා. මේ සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන තිබිය යුතුයි.

නීතිපති සහ අධිකරණ අමාත්‍ය Deb Frecklington  ප්‍රකාශ කළේ, රසිකයින්ට සහ ප්‍රජාවට හොඳ වාතාවරණයක් ලබාදීම වෙනුවෙන් රජය මෙම ප්‍රායෝගික පියවර ගත් බවයි. නිවාස අමාත්‍ය Sam O’Connor ද පෙන්වා දුන්නේ මෙවැනි ක්‍රියාමාර්ග මගින් රාත්‍රී ආර්ථිකය ශක්තිමත් වන අතරම ජනතාවගේ ආරක්ෂාවද උපරිමයෙන් තහවුරු කරන බවයි.

 

කැන්බරා නුවරත් ලොකු screen ලෑස්තියි

ACT රජය නිවේදනය කර ඇති පරිදි, කැන්බරා නුවර ප්‍රධාන සජීවී විකාශන මධ්‍යස්ථාන 2ක් ඇතුළුව ප්‍රාදේශීය pubs and clubs රැසක තරඟය සජීවීව විකාශය කෙරෙනවා.

මෙහි ප්‍රධානතම ස්ථානයක් වන Garema Place හි රසිකයින්ට ඉහළ ගුණාත්මකභාවයකින් තරඟය නැරඹීම සඳහා Large screen සවි කර ඇති අතර, ඒ අවට ඇති අනෙකුත් ව්‍යාපාරික ස්ථානද තරඟයට පෙර සහ පසු විවෘතව තැබීමට නියමිතයි. මීට අමතරව University of Canberra හි පිහිටි Refectory පරිශ්‍රයද සජීවී තරඟ විකාශන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

ඉතින් ඔයාටත් පුළුවන් Socceroos වෙනුවෙන්  සුබ පතන්න එකතු වෙන්න.  

Don't forget to share this post!

Recent Posts

919
July 2, 2026