ඕස්ට්‍රේලියාවේ සේවය කිරීමට හෝ එරට ස්ථිර පදිංචිය (PR) ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින Skilled Migrantsලාට සෘජුවම බලපාන සුවිශේෂී වෙනසක් 2026 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වුණා.
ඕස්ට්‍රේලියානු රජයේ Annual Indexation එක අනුව, මෙරට skilled visa සඳහා වන අවම ආදායම් සීමාවන් 3.8% කින් ඉහළ දමා තිබෙනවා. මෙලෙස වැටුප් සීමාවන් ඉහළ දැමීමට ප්‍රධානතම හේතුව වන්නේ ඕස්ට්‍රේලියානු වැසියන්ගේ annual Average Weekly Ordinary Time Earnings (AWOTE) ඉහළ යාමයි. එමෙන්ම, විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුපට බඳවාගෙන දේශීය ශ්‍රමිකයන්ගේ රැකියා වෙළෙඳපොළ බිඳවැටීම වැළැක්වීමත් මෙහි තවත් අරමුණක්.
මෙම නව සංශෝධනය විවිධ වීසා කාණ්ඩවලට බලපාන්නේ කෙසේදැයි පහතින් බලමු:
- Core Skills Income Threshold (CSIT)
සිදු වූ වෙනස: අවම වැටුප් සීමාව AUD 76,515 සිට AUD 79,423 දක්වා වැඩි වී තිබෙනවා.
බලපාන වීසා කාණ්ඩ:
- Skills in Demand visa (Subclass 482) – Core Skills stream
- Employer Nomination Scheme visa (Subclass 186)
- Specialist Skills Income Threshold (SSIT)
සිදු වූ වෙනස: අවම වැටුප් සීමාව AUD 141,210 සිට AUD 146,576 දක්වා වැඩි වී තිබෙනවා.
බලපාන වීසා කාණ්ඩ:
- Skills in Demand visa (Subclass 482) – Specialist Skills stream
- Temporary Skilled Migration Income Threshold (TSMIT)
සිදු වූ වෙනස: අවම වැටුප් සීමාව AUD 76,515 සිට AUD 79,423 දක්වා වැඩි වී තිබෙනවා.
බලපාන වීසා කාණ්ඩ:
- Skilled Employer Sponsored Regional visa (Subclass 494)
- Regional Sponsored Migration Scheme (RSMS) (Subclass 187)
මෙම නීතිය කාටද බලපාන්නේ?
2026 ජූලි 1 දා සිට ඉදිරිපත් කරන සියලුම නව Nomination applications සඳහා මෙම නව වැටුප් සීමාවන් අදාළ වෙනවා.
නමුත් ඔබ දැනටමත්:
ඕස්ට්‍රේලියාවේ අදාළ වීසා බලපත්‍රයක් සහිතව සේවය කරන අයෙක් නම්,
නැතහොත් 2026 ජූලි 1 දිනට පෙර ඔබේ Nomination application එක ඉදිරිපත් කර ඇත්නම්,
මෙම නව වැටුප් සීමාවන් ඔබට බලපාන්නේ නැහැ.
ඔයා අලුතින් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සූදානම් වන්නේ නම්, ඔබේ වාර්ෂික වැටුප මෙම නව සීමාවන්ට අනුකූලදැයි ඔබේ Employer සමඟ අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න.