ඔයා student කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනට කරන job එක මාරු කරලා අලුත් job එකකට යන්න බලන් ඉන්න කෙනෙක්ද? සමහරවිට ඔයාගේ Career එක වෙනමම level එකකට ගෙනියන්න ගැළපෙන course එකක් හොයනවා වෙන්නත් පුළුවන්.
හේතුව මොකක් වුණත්, ඔන්න ඔයාට ලොකුම ලොකු chance එකක් ඇවිත් තියෙනවා. Western Australia වල ලොකුම Careers & Employment Event එක වෙන “Perth Skillswest Careers & Employment Expo” එක මේ අවුරුද්දෙත් පවත්වන්න සියලු දේ ලෑස්තියි!
වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න කැමති හැමෝම අනිවාර්යයෙන්ම යා යුතුම තැනක් තමයි මේක. මොකද මේ වගේ Event එකක් අවුරුද්දකටම එන්නේ එකම එක පාරයි.
කවදාද? කොහේද?
දිනයන්: 2026 ජූලි 23, 24 සහ 25 (බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා)
වේලාවන්:
ජූලි 23 සහ 24: උදේ 9:00 සිට සවස 3:00 දක්වා
ජූලි 25 (සෙනසුරාදා): උදේ 9:00 සිට සවස 4:00 දක්වා
ස්ථානය: Perth Convention & Exhibition Centre
ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ! හැබැයි කලින් Register වෙන්න ඕනේ
මේ Expo එකෙන් ඔයාට ලැබෙන්නේ මොනවාද?
ආයතන සහ Employersලා 150කට වඩා වැඩි ප්‍රමාණයක් එකම වහලක් යටට එකතු වෙන මේ Event එකේදී ඔයාට ලබාගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.
නොමිලේ Career Advice: ඔයාගේ අනාගතය plan කරන්න වෘත්තීය උපදේශකයන්ගෙන් නොමිලේම උපදෙස් ගන්න පුළුවන්.
160+ organisations සමඟ සාකච්ඡා: Educators, Course Providers & Employers ලා එක්ක කෙලින්ම කතාබහ කරන්න අවස්ථාව ලැබෙනවා.
අනාගතයේ බිහිවන රැකියා: ඉස්සරහට ලෝකයේ ඉල්ලුමක් හැදෙන අලුත්ම ක්ෂේත්‍ර මොනවාද කියලා දැනගන්න.
Free Seminars: වෘත්තීය දැනුම ලබාදෙන නොමිලේ පැවැත්වෙන Information Sessions වලට සම්බන්ධ වෙන්න.
Try’a Skill Zones: නිකන්ම බලාගෙන ඉන්නේ නැතුව, විවිධ ක්ෂේත්‍රවල වැඩ ගැන Hands-on experience එකක් ගන්නත් පුළුවන්.
විශේෂිත කලාප (Special Zones):
- CTF Construction Careers Zone: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ jobs ගැන දැනගන්න.
- Defence Industry Careers Hub & ADF Careers Display: ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල රැකියා අවස්ථා ගැන උනන්දු අයට මේක හොඳ අවස්ථාවක්.
මේක කාටද ගැලපෙන්නේ?
මේක හැම වයස් කාණ්ඩයකම අයට ගැලපෙන විදිහටයි සංවිධානය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම;
- පාසල් සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන්
- උපාධිධාරීන්
- අලුතින් රැකියාවක් හොයන අය
- අලුත් courses හෝ training options සොයන වෘත්තිකයන්
මේක වෘත්තීය අවස්ථාවන්ගෙන් පිරුණු තැනක් නිසා, ඔයා job එකක් හොයන කෙනෙක් නම් ඔයාගේ Update කරපු CV / Resume එකකුත් ලෑස්ති කරගෙනම යන්න අමතක කරන්න එපා!
සහභාගී වෙන්නේ කොහොමද?
ඇතුල්වීම 100%ක්ම නොමිලේ වුණත්, ඔයා කලින්ම Register වෙන්න ඕනේ. ඉතින් register වෙන්න, වැඩි විස්තර සහ Terms & Conditions දැනගන්න පහත link එකෙන් යන්න.
👉Register Here: https://www.careersemploymentexpo.com.au/Perth.html
ජීවිතේ වෙනසක් කරන්න, හොඳම Career path එකක් තෝරගන්න ලැබෙන මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා! ජූලි 23 ඉඳන් 25 වෙනකම් දින වෙන් කරගන්න.