ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම, Duplicate එකක් ලබාගැනීම, පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම සහ නම තහවුරු කරගැනීම (Verification of Name) සඳහා වන සේවාවන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලබාගන්න විදිහ ගැන අපි article එකකින් කළා. අද අපි කියන්නේ ඒ සඳහා අවශ්‍ය වෙන Supporting Documents ගැන.
ඔයත් ඕස්ට්‍රේලියාවේ සිට මෙම සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, පහත සඳහන් කරුණු පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
අයදුම්පත ලබාගැනීම (MTA 30/2 Form)
රියදුරු බලපත්‍ර අලුත් කිරීම්, දෙවන පිටපත් ලබාගැනීම් හෝ පෞද්ගලික තොරතුරු සංශෝධනය සඳහා “Application for Driver Licence MTA 30/2” අයදුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යයි..
මෙම අයදුම්පත ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලීය කවුන්ටරයෙන් ලබාගත හැක්කේ අයදුම්පත භාරදෙන අවස්ථාවේදී පමණයි.
South Australia වල වෙසෙන අයදුම්කරුවන් සඳහා මෙම අයදුම්පත Honorary Consul කාර්යාලයෙන්ද ලබාගත හැක්කේ අයදුම්පත භාරදෙන අවස්ථාවේදී පමණයි.
අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු කරුණු
මුල් පිටපත් සහ ඡායා පිටපත්:
Checklist එකේ සඳහන් සෑම ලේඛනයකම Original documents සහ photocopies set 1 බැගින් ඉදිරිපත් කළ යුතුයි.
මේ Checklist එකත් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්.
අදාළ Checklist එක පරීක්ෂා කර, එහි නිවැරදි බවට ලකුණු (√) යොදා, අයදුම්පතට අමුණා කවුන්ටරයට හෝ තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි.
Originals වෙනුවට Translations කිසිසේත්ම භාරගන්නේ නැහැ.
Photocopies සඳහා නීති:
සියලුම ඡායා පිටපත් A4 Size එකෙන් ඉදිරිපත් කළ යුතුයි.
සෑම document එකකම දෙපසේම ඡායා පිටපත් ලබාදී තිබිය යුතුයි.
Passport එක සඳහා එහි Bio-data page එක සහ Observation page එකේ පිටපත් ඉදිරිපත් කළ යුතුයි.
අවශ්‍ය සියලුම විස්තර පහත link එක හරහා ගිහින් රජයේ www.slcgmel.org වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.