වසර 20කට පසු Sydney Opera House හි රැව්දුන් ලාංකීය නාදය

ශ්‍රී ලාංකේය කුසලතාවන් සහ අභිමානය ජාත්‍යන්තර තලයට ගෙන යාමේ අරමුණින්, Home Lands Group හි ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් සංවිධානය වූ ‘Rhythms of Lanka’ දැවැන්ත සංගීත ප්‍රසංගය 2026 අගෝස්තු 23 වන දා ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට Sydney Opera House හිදී සාර්ථකව පැවැත්වුණා.

නරඹන්නන් 2,500 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ප්‍රසංගය, වසර 20 කට පමණ පසුව ලෝක පූජිත කලා මධ්‍යස්ථානක් වන Sydney Opera House හි ශ්‍රී ලාංකේය දැවැන්ත සංගීත සංදර්ශනයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු වෙනවා..

UNESCO ලෝක උරුමයක් වන සිඩ්නි Opera House හි පැවැති මෙම ප්‍රසංගය සඳහා රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, කාංචනා අනුරාධි, චිත්‍රාල් සෝමපාල ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් සහ ජාත්‍යන්තර දිනූ පියානෝ වාදක එෂාන් දෙනිපිටිය වැනි වාදකයින් රැසක් එක්වුණා.

 

සංගීතයට පෙර පැවැති විශේෂ ආයෝජන සමුළුව (Investment Forum)

සංගීත ප්‍රසංගයට පෙර, Home Lands සමාගම විසින් Sydney Harbour එක අභියස පැවැත්වුවා.

Home Lands ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එහි සන්නාම තානාපති, ප්‍රකට සූපවේදී පීටර් කුරුවිට මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ real estate ක්ෂේත්‍රයේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳව ශ්‍රී ලාංකිකයින් සහ විදේශීය ආයෝජකයින් දැනුවත් කිරීමට කටයුතු කෙරුණා.

ජාත්‍යන්තරව පිළිගත් සිඩ්නි Opera House වැනි ස්ථානයක ශ්‍රී ලාංකේය කලාකරුවන්ටරස විඳීමට ලැබීම මඟු අවස්තාවක්.

 

Image credit: www.facebook.com/tvderanaofficial 

Don't forget to share this post!

Recent Posts