මෙල්බර්න් නුවර ඉඳන් පැය තුනකට වඩා ටිකක් වැඩි දුරකින් පිහිටි Grampians National Park එක පැත්තේ යනවා නම්, ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් තමයි MacKenzie Falls!
Grampians ජාතික වනෝද්‍යානයේ තියෙන වඩාත්ම ප්‍රසිද්ධ සහ දර්ශනීයම දියඇල්ල වෙන මෙය, වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන විශාලතම දියඇලි අතරින් එකක්. අවුරුද්ද පුරාම එක දිගට ගලාබසින Grampians වල තියෙන එකම දියඇල්ල වෙන්නෙත් මෙයම තමයි!
MacKenzie Falls වටේ කරන්න තියෙන සුපිරි දේවල්
Lookout Platform එකෙන් දසුන විඳින්න පඩිපෙළවල් බහින්න අමාරු අයට වුණත් Carpark එකේ ඉඳන් පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් Lookout platforms හරහා දියඇල්ලේ ලස්සන හොඳින්ම බලාගන්න පුළුවන්.
දැවැන්ත පඩිපෙළ බැහැලා පාමුලටම යන්න තවත් ටිකක් Adventure එකක් ඕන නම්, සූදානම් වෙලා පඩිපෙළ බැහැලා දියඇල්ලේ පාමුලටම යන්න. එතන ඉඳන් ලැබෙන View එක නම් වෙනමම එකක්!
MacKenzie River Gorge හරහා Walk එකක්
දවස තවත් අර්ථවත් කරගන්න ඕන නම්, MacKenzie River Gorge හරහා Zumsteins Historic Area දක්වා යන ලස්සන Walking trail එකක් යන්නත් පුළුවන්.
Car Park එකේ ඉඳන් විවිධ ආකාරයට Walking tracks සකස් කර තිබෙනවා. දියඇල්ල පාමුලට යන පාර ටිකක් රළු (Steep/Strenuous) නිසා ඒකට ගැලපෙන සපත්තුවක් දාගෙන යන්න මතක තියාගන්න. ඒ වගේම Grampians වල තවත් ලස්සන තැන් එක්ක එකතු කරලා MacKenzie Falls බලන්න සම්පූර්ණ Tour එකක් වුණත් plan කරගන්න පුළුවන්!
Image credit: www.tripadvisor.in