ඕස්ට්‍රේලියාවේ ලොකුම Demand එකක් තියෙන Jobs 4ක්!

වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් තිබෙන Architecture, Construction සහ Planning යන ක්ෂේත්‍ර හදාරන්න ඔස්ට්‍රේලියාව තෝරාගත යුත්තේ ඇයි කියන එක ගැන අපි කලින් article එකකින් කිව්වා.

ඔයා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න හරි, ස්ථිර පදිංචියට ගිහින් හොඳ Job එකක් කරන්න හරි හිතාගෙන ඉන්නවා නම් Architecture, Construction සහ Urban Planning කියන්නේ දැනටමත් ලොකු demand එකක් තියෙන, ඉදිරියට තවත් වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍ර කිහිපයක්.

අපි ජීවත් වන සහ වැඩ කරන වටපිටාව නිර්මාණය කිරීම, සැලසුම් කිරීම, නඩත්තු කිරීම සහ දියුණු කිරීම තමයි මේ ක්ෂේත්‍රවල ඉන්න අයගෙන් සිද්ධ වෙන්නේ.

මේ ක්ෂේත්‍රයේ තියෙන විශේෂත්වය සහ රැකියා අවස්ථා ගැන ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු Fast Facts ටිකක් තමයි අපි අදත් කියන්නේ;

 

අධ්‍යාපනය, demand එක එක සහ පඩිය

QS World University Rankings (2026) අනුව Architecture සහ Built Environment Studies සඳහා ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 අතරට ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9 ක්ම තේරී පත්වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ Construction Managers ලා සඳහා තියෙන ඉල්ලුම 2021 ඉඳන් 2026 වෙනකොට අවම වශයෙන් 10% කින් (අලුත් රැකියා 11,400 කින්) වැඩිවෙනවා කියලයි ගණන් බලා තියෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ Construction ක්ෂේත්‍රයේ නිරත වෙන කෙනෙකුට සාමාන්‍යයෙන් සතියකට A$ 1,305 ක විතර ආදායමක් ලබාගන්න පුළුවන්.

 

ඉදිරියට රැකියා උත්පාදනය වෙන හැටි (Industry Growth)

www.studyaustralia.gov.au රජයේ වෙබ් අඩවිය දක්වන විදිහට ඕස්ට්‍රේලියානු රජයේ සහ ක්ෂේත්‍රයේ දත්තවලට අනුව ඉදිරි වසර කිහිපය තුළ මේ ක්ෂේත්‍රවල ලොකු Job Growth එකක් දැකගන්න පුළුවන්

Construction Industry: 2022 වෙනකොට මිලියන 1.1 ක සේවකයන් පිරිසක් සිටි අතර, 2026 වෙනකොට එය 5.8% කින් වැඩිවී අලුතින් රැකියා 66,400 ක් නිර්මාණය වෙනවා.

Architecture & Landscape Architecture: මේ ක්ෂේත්‍රයේ රැකියා 16.8% කින් වැඩිවෙන අතර, රැකියා ප්‍රමාණය 26,400 සිට 30,800 දක්වා ඉහළ යනවා.

Urban & Regional Planners: නගර නිර්මාණකරණය සහ සැලසුම්කරණ රැකියා 18.6% ක දැවැන්ත වර්ධනයක් පෙන්වමින් 13,600 සිට 16,200 දක්වා වැඩිවීමට නියමිතයි.

 

තෝරාගන්න තියෙන Career Options සහ In-Demand Jobs

මෙම ක්ෂේත්‍රය යටතේ ඔයාට යන්න පුළුවන් පැති රාශියක් තියෙනවා. Interior Designer, Architect, Town Planner, Real Estate Agent, Construction Manager වගේම Builder, Electrician, Plumber සහ OH&S (occupational health and safety) Manager වගේ රැකියා ඒ අතරින් ප්‍රධානයි.

 

Australian Industry and Skills Committee එකට අනුව දැනට මේ ක්ෂේත්‍රයේ ලොකුම දෙමන්ඩ් එකක් තියෙන රැකියා 4:

  • Architectural, Building and Surveying Technicians
  • Contract, Program and Project Administrators
  • Electricians
  • Carpenters and Joiners

 

ඔයා කරන Job එක මොකක් වුණත්, පරිසර හිතකාමී ගොඩනැගිලි හැදීමේ සිට, ආබාධිත අයට පහසුවෙන් යන්න පුළුවන් ස්ථාන සැලසුම් කිරීම දක්වාත්, අලුත් නගරවල පාරවල් හැදීමේ සිට විශාල රෝහල් සහ පාසල් සැලසුම් කිරීම දක්වාත් විශාල වැඩ කොටසකට දායක වෙන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය (PR) හෝ හොඳ රැකියා අවස්ථාවක් ඉලක්ක කරනවා නම්, මේ In-demand තියෙන Architecture, Construction හෝ Planning පාඨමාලාවක් තෝරාගැනීම වඩාත් නුවණට හුරුයි!

 

Don't forget to share this post!

Recent Posts