ඕස්ට්‍රේලියාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානතම ආයතනය වන Insurance Council of Australia (ICA) මඟින් නිකුත් කරන ලද අලුත්ම දත්තවලට අනුව, ඕස්ට්‍රේලියාවේ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් වැඩිම Insurance claims වාර්තා වන ප්‍රාන්තය බවට Victoria පත්ව තිබෙනවා.
2025-26 මුදල් වර්ෂය තුළ වික්ටෝරියානුවන් විසින් සොරකම් සම්බන්ධයෙන් ඩොලර් මිලියන 300 කට වඩා වැඩි රක්ෂණ වන්දි ඉල්ලා තිබෙනවා. ICA හි ප්‍රධානී Andrew Hall පවසන්නේ, මෙම දත්තවලට අනුව Victoria වල සෑම විනාඩි 43 කට වරක්ම වාහනයක් හොරකම් කිරීමක් හෝ කඩා දමා අලාභහානි කිරීමක් සිදුවන අතර, සෑම පැය 2 කට වරක්ම නිවසක් කඩා දමා ඇති බවයි!
සංඛ්‍යාත්මක දත්ත සහ ඉහළ යන වියදම්
වාහන සොරකම් සහ කඩා දැමීම් 12,300 කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ඩොලර් මිලියන 240 ක් ඉල්ලා ඇති අතර, මෙය ඕස්ට්‍රේලියාවේ අනික් සියලුම Capital cities වල එකතුවටත් වඩා වැඩියි.
නිවාස සොරකම් 3,900 ක් වාර්තා වී ඇති අතර ඒ සඳහා ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 56 ක්.
අමතර කොටස් හිඟය සහ සේවක හිඟය නිසා වාහනයක් අලුත්වැඩියා කිරීමට ගතවන කාලය වැඩිවී තිබෙනවා. මේ නිසා Replacement Hire Cars සඳහා වන වියදම 2019 සිට 70% කින් ඉහළ ගොස් ඇති අතර, Victoria වල සාමාන්‍ය collision repair එකකට ඩොලර් 7,000 කට ආසන්න මුදලක් වැයවෙනවා.
සංවිධානාත්මක අපරාධ සහ නීති විරෝධී ජාවාරම
මෙල්බර්න් නගරයේ පාරවල්වලින් හොරකම් කරන සුඛෝපභෝගී වාහන, Shipping containers වල දමා ඩුබායි වැනි රටවල පවතින ජාත්‍යන්තර Black market වත යවන සංවිධානාත්මක අපරාධ කල්ලි මේ පිටුපස සිටින බව ICA හෙළිදරව් කරනවා.
ඊට අමතරව, Victoria හි ක්‍රියාත්මක Illicit tobacco market එක සහ ඊට අදාළ Arson attacks ගැනද රක්ෂණ සමාගම් දැඩි බියක් පළ කරනවා. Premier Ben Carroll පවසන්නේ නීති විරෝධී tobacco shops වසා දැමීමට අලුත් නීති මඟින් පියවර ගනිමින් සිටින බවයි. Victoria Police දත්තවලට අනුව 2026 මාර්තු දක්වා වසර තුළ වාහන 31,851 ක් හොරකම් කර ඇති අතර, මෙය වසර 25 කට පසු වාර්තා වූ ඉහළම අගයයි!
Victoria හි පවතින මෙම අපරාධ රැල්ල නිසා ඉදිරියේදී Car සහ Home Insurance Premiums තවත් ඉහළ යන්න පුළුවන්. ඔබේ වාහන සහ නිවාස සඳහා සුදුසුම Safety System එකක් සවි කරගැනීමටත්, ඔබේ Insurance Policy එකේ සොරකම් සඳහා Comprehensive Coverඑකක් තිබේදැයි පරීක්ෂා කර ගැනීමටත් අමතක කරන්න එපා.