ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හෝ ඒ ආසන්න පැසිෆික් දූපත් රාජ්‍යයක පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබට අලුත් Passport එකක් ලබාගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය වන දේවල් තමයි අද අපි කියන්නේ.
මෙම අලුත් N-Series Passports වල වලංගු කාලය වසර 10 ක් වන අතර, පැරණි විදේශගමන් බලපත්‍ර මෙන් වසර 10 න් පසුව නැවත කල් දීර්ඝ කරන්න බැහැ. ඒ සඳහා අනිවාර්යයෙන්ම අලුත් Passport එකක් ලබාගත යුතුයි.
Eligibility සහ විශේෂ කොන්දේසි
ලංකාවේ පුරවැසිභාවය: උප්පැන්නයෙන් හෝ ලියාපදිංචියෙන් (Descent or Registration) ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි අයෙකු විය යුතුයයි.
Dual Citizens: ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන්ටද අයදුම් කරන්න පුළුවන්.
තහනම් රෙගුලාසි: ඕස්ට්‍රේලියාව තුළ Refugee or Asylum තත්ත්වය ඉල්ලා සිටි හෝ ලබාගත් අයට ශ්‍රී ලංකා ආගමන විගමන නීතියට අනුව අලුත් Passport ලබාගන්න බහ. ඔවුන්ට ලබාගත හැක්කේ ලංකාවට නැවත පැමිණීම සඳහා වන තාවකාලික ගමන් බලපත්‍රයක් පමණයි.
ව්‍යාජ ලේඛන: ව්‍යාජ උප්පැන්න සහතික හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, එවැනි අවස්ථාවලදී ගෙවූ මුදල් ආපසු නොලැබෙන අතර නීතිමය පියවර ගන්නවා.
ඔබ අයදුම්පත යැවිය යුතු ස්ථානය සහ අදාළ ප්‍රදේශ (Where to Apply)
ඔබ පදිංචි ස්ථානය අනුව අදාළ කාර්යාලය වෙත පමණක් ඔබේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට මතක තබාගන්න
- Sri Lanka High Commission – Canberra
අදාළ ප්‍රදේශ: New South Wales, Queensland, Western Australia (WA), Northern Territory (NT), Australian Capital Territory (ACT), Papua New Guinea, Fiji, Vanuatu, Solomon Islands, Samoa
ලිපිනය: 61, Hampton Circuit, Yarralumla 2600, ACT, Australia
02-6198-3756 | slhc.canberra@mfa.gov.lk
- Sri Lanka Consulate General – Melbourne
අදාළ ප්‍රදේශ: Victoria, South Australia, Tasmania.
ලිපිනය: Suite 536, No 1 Queens Road, Melbourne, VIC, 3004, Australia
+61 3 9290 4200 | mail@slcgmel.org
- Sri Lanka High Commission – Wellington
අදාළ ප්‍රදේශ: New Zealand
ලිපිනය: P.O. Box 726, Wellington, 6140, New Zealand
+64 2108143469 | slhc.wellington@mfa.gov.lk
කොන්සුල් කාර්යාල වෙත පැමිණීමට පෙර අදාළ වෙබ් අඩවි වෙත පිවිස Appointment එකක් වෙන්කර ගැනීම සහ අවශ්‍ය සියලුම මුල් පිටපත් (Originals) සහ ඡායා පිටපත් නිසි පරිදි සූදානම් කරගැනීමෙන් ඔබේ කාලය ඉතිරි කරගනන පුළුවන්.
මේ සඳහා apply කරන විදිහ, අලුත් passport එකක් ලබාගන්න අවශ්‍ය documents, වය වෙන මුදල සහ passport එක ලබාගන්න විදිහ අපි ඉදිරියේදී articles වලින් කතා කරමු. ඔයාට දැනගන්න අවශ්‍ය දේවල් comment කරගෙන යන්න.