Uber එකෙනුත් 3,300ක දැවැන්ත Job Cut එකක්! WFH වලටත් තිත!

ලොව දැවැන්තම Tech සමාගමක් වන Uber ආයතනය විසින් කොවිඩ් වසංගත සමයෙන් පසුව සිදුකරන ලද විශාලතම සේවක කප්පාදුව ආරම්භ කර තිබෙනවා.

Uber හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) Dara Khosrowshahi විසින් කාර්ය මණ්ඩලය වෙත යවන ලද ඉන්ටේරනල් memo එකකට අනුව, ගෝලීය සේවක බලකායෙන් 10% ක් එනම් රැකියා 3,300 කට ආසන්න ප්‍රමාණයක් අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සේවක කප්පාදුව බලපාන්නේ Uber හි Corporate තනතුරුවලට පමණක් වන අතර, එහි Platform එක හරහා වැඩකරන ලක්ෂ සංඛ්‍යාත Drivers ලා සහ Couriers ලාට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බව සමාගම පවසනවා.

 

ආදායම වැඩි වුණත් රැකියා කපන්නේ ඇයි?

2025 වසරේදී Uber සමාගමේ ආදායම 18% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 52 ක් දක්වා වර්ධනය වී තිබියදීත් මෙලෙස රැකියා කප්පාදු කිරීමට හේතු කිහිපයක් බලපා තිබෙනවා.

පාරිභෝගික සහාය (Customer support) කටයුතු සඳහා AI මෙවලම් සහ Automation භාවිතය වැඩි කිරීම.

Self-driving වාහන වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් වෙන්කිරීම.

Micro-teams සංඛ්‍යාව අඩකින් අඩුකරමින්, තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම.

ඊට අමතරව, Uber සමාගම විසින් නයිජීරියාවේ සහ උගන්ඩාවේ පවත්වාගෙන ගිය Ride-hailing සේවාවන් ද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

 

Work From Home (Remote Work) සංස්කෘතියට තිත!

සේවකයන් ඉවත් කිරීමට අමතරව, දැනට සිටින 29,000 ක් වන සේවක මණ්ඩලය සඳහා වූ Remote Work ප්‍රතිපත්තිය දැඩි ලෙස වෙනස් කිරීමට Uber තීරණය කර තිබෙනවා.

සමස්ත සමාගමේම Fully remote තනතුරු ප්‍රමාණය 1% දක්වා සීමා කර තිබෙනවා..

සේවකයන් සියල්ලම New York හෝ San Francisco වැනි ප්‍රධාන Hub Cities වල පිහිටි කාර්යාල අසලට පදිංචිය මාරු කළ යුතුයි.. නැතහොත් සමාගමෙන් ඉවත් විය යුතුයි.

දැනට පවතින Hybrid ක්‍රමය යටතේ සතියට දින 3 ක් අනිවාර්යයෙන්ම Office එකට පැමිණිය යුතු අතර එය දැඩි ලෙස නිරීක්ෂණය කරනවා.

Tech industry එකේ දැවැන්තයන් දැන් Flexible/Remote Work රටාවෙන් මිදී නැවතත් Strict Office Culture එකකට මාරු වෙමින් සිටිනවා. මෙම ප්‍රවණතාව ඉදිරියේදී ඕස්ට්‍රේලියාව ඇතුළු අනෙකුත් රටවල IT සහ Tech ක්ෂේත්‍රවලටත් සෘජුවම බලපාන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts