Down වුණ Optus Network එක! මෙහෙම වෙලාවට Emergency Calls ගන්නේ මෙහෙමයි!

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන Optus ජාලයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් Victoria, Northern Territory, South Australia සහ Tasmania යන ප්‍රාන්තවල පාරිභෝගිකයන් රැසක් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

මෙම තාක්ෂණික දෝෂය නිසා අදාළ ප්‍රදේශවල Voice Calls ලබාගැනීමේ හැකියාව තාවකාලිකව නැතිවී ගිය අතර, අනෙකුත් Mobile networks පවතින ස්ථානවලින් හෝ Wi-Fi හරහා පමණක් Emergency calls ලබාගැනීමට පහසුකම සැලසී තිබුණා.

 

පැයකට ආසන්න කාලයකට පසු සේවාවන් යථා තත්ත්වයට

Optus සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිකුරාදා පස්වරු 1.30 ට (AEST) පමණ මෙම තාක්ෂණික දෝෂය හඳුනාගත් බවත්, වහාම ක්‍රියාත්මක වූ තාක්ෂණික කණ්ඩායම් විසින් පැයකට ආසන්න කාලයක් ඇතුළත සේවාවන් නැවත යථා තත්ත්වයට පත්කළ බවත්ය.

සිදුවූ මෙම හදිසි අපහසුතාවය පිළිබඳව Optus සමාගම සියලුම පාරිභෝගිකයන්ට කනගාටුව පළ කර සිටිනවා.

ඔබේ Phone Network එක හදිසියේම Down වුණොත්, හදිසි අවස්ථාවකදී ඇමතුමක් ගැනීමට Wi-Fi Calling Feature එක On කර තබාගැනීමටත්, Emergency Call (000) සඳහා වෙනත් ඕනෑම සක්‍රීය Network එකක් හරහා Connect වීමට අවස්ථාව ඇති බවත් මතක තබාගන්න!

 

Image credit: www.aljazeera.com

Don't forget to share this post!

Recent Posts