ඕස්ට්‍රේලියාවේ drive කරනවද? Right of Way Rules 7 දැනගන්න!

ඕස්ට්‍රේලියාවේ රථවාහන අනතුරුවලට සහ  insuarance Claim කිරීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මංසන්ධිවලදී සහ පාරේදී “ඉඩ දිය යුත්තේ කාටද?” (Give Way) යන්න පිළිබඳව පවතින දැනුවත්කමයි.

ඕස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයක ආරක්ෂිතව රිය පැදවීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු මූලික Give Way නීති ගැන තමයි අද අපි කියන්නේ.

 

  1. T-Intersections (T-මංසන්ධි)

ඔබ පැමිණි පාර T-මංසන්ධියෙන් අවසන් වන්නේ නම්, ඉදිරියෙන් කෙළින්ම යන පාරේ සියලුම වාහනවලට ඔබ ඉඩ දිය යුතුය (ඔවුන් Left Turn එකක් දැමුවද).

 

  1. Roundabouts (වටරවුම්)

දකුණු පසින් එන වාහන: වටරවුමකට ඇතුළු වීමට පෙර, දැනටමත් වටරවුමේ සිටින සහ ඔබේ දකුණු පසින් (Right side) එන සියලුම වාහනවලට ඉඩ දෙන්න.

Exit Indicator: වටරවුමෙන් පිටවීමට ආසන්න වන විට අනිවාර්යයෙන්ම Left Indicator එක දමන්න.

Victoria විශේෂ නීතිය: වික්ටෝරියා ප්‍රාන්තයේදී වටරවුමකට ළඟාවන Tram රථ සඳහා අනිවාර්යයෙන්ම ඉඩ දිය යුතුයි.

 

  1. Merging සහ Lanes මාරුවීම

Zipper Merge (රේඛා අවසන් වන තැන): පාරේ ලේන් දෙකක් එකතු වන ස්ථානයක (Lines නොමැති තැන), තමන්ට වඩා ඉදිරියෙන් සිටින වාහනයට පළමුව යාමට ඉඩ දෙන්න.

Dotted Line හරහා Lane එකක් මාරු වන විට: ඔබ වෙනත් lane එකකට මාරු වන්නේ නම්, එම lane එකේ දැනටමත් ධාවනය වන සියලුම වාහනවලට ඉඩ දිය යුතුයි.

 

  1. Driveways සහ Car Parks වලින් පාරට දමන විට

Driveway එකකින්, Service Station එකකින් හෝ Shopping Centre Car Park එකකින් ප්‍රධාන පාරට වාහනය ඇතුළු කිරීමේදී, ප්‍රධාන පාරේ යන සියලුම වාහනවලට ප්‍රමුඛතාවය දිය යුතුය.

 

  1. කිසිදු සංඥා පුවරුවක් (Signs) නැති මංසන්ධිවලදී

දකුණු පසින් (Right) එන ඕනෑම වාහනයකට ඉඩ දෙන්න. ඔබ Right Turn එකක් ගැනීමට යන්නේ නම්, ඉදිරියෙන් කෙළින් එන (Oncoming) වාහනවලට ඉඩ දෙන්න.

 

  1. හදිසි අනතුරු/සේවා වාහන, බස් සහ ට්‍රෑම් රථ

Emergency Vehicles: Flashing lights හෝ Siren ශබ්දය සහිත පොලිස්, ඇම්බියුලන්ස් හෝ ගිනි නිවන වාහන එන විට වහාම පාරේ අයිනට කර නවත්වා ඉඩ දෙන්න.

Buses: පාරට ඇතුළු වීමට Signal දමන බස් රථ සඳහා අනිවාර්යයෙන්ම ඉඩ දිය යුතුයි.

Trams (Victoria): මගීන් බසින හෝ නගින ස්ථානවලදී Tram එක අසල වාහනය නවත්වා මගීන්ට ඉඩ දෙන්න. (Melbourne CBD හිදී Hook turns භාවිතයට හුරු වන්න).

 

  1. පාගමනින් යන අයට (Pedestrians) සහ Cyclists ලාට

Pedestrians: Shared zones, Pedestrian crossings, මංසන්ධි, U-turn ගන්නා විට සහ Driveways හරහා යනවිට පදිකයන්ට අනිවාර්යයෙන්ම ඉඩ දෙන්න.

Cyclists: පාපැදිකරුවෙකු ද පාරේ වාහනයක් ලෙස සැලකිය යුතුයි. ඔබ Bike lane එකක් හරහා හැරවීමේදී හෝ Lane මාරු කිරීමේදී Cyclist ට ඉඩ දිය යුතුයි.

 

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඇතැම් නීති (උදාහරණයක් ලෙස Traffic lights ළඟ U-Turns ගැනීම) සුළු වශයෙන් වෙනස් විය හැකියි.. ඔබ ධාවනය කරන ප්‍රාන්තයේ (VicRoads, Transport for NSW, QLD Transport) නීති පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වී සිටින්න!

Don't forget to share this post!

Recent Posts