පොලීසියෙන් ප්‍රශ්න කළොත් video කරන්න පුළුවන්ද? ඕස්ට්‍රේලියාවේ Legal Rights මෙන්න!

ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ස්ථානයකදී පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අවස්ථාවක් හෝ ඔවුන් සමඟ සිදුවන ගනුදෙනුවක් වීඩියෝ කිරීමේ සම්පූර්ණ නීතිමය අයිතිය ඔබට තිබෙනවා.

නමුත් ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ප්‍රධාන නීතිමය රීතියක් තියෙනවා.

එනම් ඔබ වීඩියෝ කිරීම මඟින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට කිසිදු බාධාවක් (Interfering or Hindering) නොවිය යුතුයි.

වීඩියෝ කිරීමේදී මතක තබාගත යුතු වැදගත්ම දේ

ආරක්ෂිත පරතරය තබාගන්න: පොලිස් නිලධාරීන්ට ගෞරව කරමින්, ඔවුන්ගේ රාජකාරියට බාධා නොවන සේ යම් පරතරයක් (Distance) තබාගෙන වීඩියෝ කිරීම ගැටලුවක් නොවන බවයි.

 

දුරකථනය/කැමරාව තහනම් කළ හැකිද?

ඔබ වීඩියෝ කරන්නේ යැයි කියන හේතුව මත පමණක් ඔබේ Phone එක හෝ Recording Device එක බලහත්කාරයෙන් පැහැර ගැනීමට (Confiscate) පොලිසියට නීත්‍යානුකූල බලයක් නැහැ. ඒ සඳහා ඔවුන් නිල නීතිමය ක්‍රියාමාර්ග (Formal mechanisms) අනුගමනය කළ යුතුයි.

 

පොලිසියේ හැසිරීම ගැන ගැටලුවක් තිබේ නම් කුමක් කළ යුතුද?

පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන්ම අදාළ නීති සහ පටිපාටීන් (Legislation and procedures) අනුගමනය කළ යුතුයි. Redfern Legal Centre හි Lee මහත්මිය පවසන්නේ යම් හෙයකින් පොලිසිය නීති විරෝධී ලෙස, අසෝබන ලෙස හෝ ජාතිවාදී ප්‍රකාශ සිදුකරමින් (Racial slurs) හැසිරුණේ යැයි ඔබට සිතේ නම් වහාම පහත පියවර ගන්නා ලෙසයි;

විස්තර සටහන් කරගන්න: සිදුවූ දෙය, වෙලාව සහ ස්ථානය හැකි ඉක්මනින් සටහන් කරගන්න (Write down immediately).

වීඩියෝ දර්ශන සුරක්ෂිතව තබාගන්න: ඔබ ලබාගත් Video Footage එක මකා නොදමා සුරක්ෂිතව තබාගන්න.

වෛද්‍ය වාර්තා ලබාගන්න: යම් හෙයකින් ඔබට පහරදීමක් හෝ තුවාල වීමක් සිදු වූයේ නම්, වහාම දොස්තර කෙනෙකු ලවා Medical Report එකක් සහ ඡායාරූප (Photos) ලබාගන්න.

නීති උපදෙස් ලබාගන්න: නීතිඥවරයෙකු හෝ නිදහස් Legal Centre එකක් හරහා ඉදිරි පියවර සඳහා Legal Advice ලබාගන්න.

ඕස්ට්‍රේලියාවේදී පොලිසිය සමඟ යම් ගැටලුවක් ඇති වූ විට කෑගැසීම හෝ කලබල කිරීම වෙනුවට, සන්සුන්ව දුරින් සිට වීඩියෝ කර සාක්ෂි තබාගැනීම ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට ඇති හොඳම සහ නීත්‍යානුකූලම මාර්ගයයි!

Image credit: graphaware.com 

Don't forget to share this post!

Recent Posts