ඕස්ට්රේලියාවේ පවතින දැවැන්ත ගෙවල් හිඟයට සහ රෝහල් ඇතුළු පොදු පහසුකම්වල පවතින තදබදයට විසඳුමක් ලෙස, ඉදිරි වසර 3 ඇතුළත ඕස්ට්රේලියාවට පැමිණෙන තාවකාලික සංක්රමණිකයන් සංඛ්යාව 750,000 කට වඩා වැඩි ප්රමාණයකින් අඩු කිරීමට One Nation පක්ෂයේ නායිකා Pauline Hanson යෝජනා කර තිබෙනවා.
මෙම අලුත් යෝජනාව මඟින් ප්රධාන වශයෙන්ම International studentsලා සහ skilled migrantsලාගේ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර තිබෙනවා.

One Nation පක්ෂයේ අලුත්ම සංක්රමණික ප්රතිපත්තිය
Pauline Hanson ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව ඉදිරි වසර 3 තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන ප්රධාන වෙනස්කම් මෙන්න;
විදේශීය සිසුන් සහ ඔවුන් සමඟ පැමිණෙන පවුල්වල සාමාජිකයන් සඳහා නිකුත් කරන වීසා සංඛ්යාව වසර 3 ක් තුළ 350,000 දක්වා පහත හෙළීම.
දැනට 270,000 ක් ලෙස පවතින Graduate Visas ප්රමාණය 40,000 දක්වා සීමා කිරීම සහ වසරකට නිකුත් කරන අලුත් වීසා ප්රමාණය 20,000 කට සීමා කිරීම.
ඕස්ට්රේලියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටින සංක්රමණිකයන්ට (Illegal migrants) රටෙන් පිටවීමට මාස 3 ක කාලයක් ලබාදෙන අතර, එම කාලය තුළ පිට නොවුවහොත් ඔවුන්ට ඕස්ට්රේලියාවට ඇතුළු වීම ජීවිතාන්තය දක්වා තහනම් කෙරෙනවා.
Temporary skilled visas මත පැමිණෙන අයට තම පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමේ පහසුකම අහෝසි කිරීම.
ව්යාපාරිකයන් සහ රජය දක්වන දැඩි විරෝධය
One Nation පක්ෂයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් Labor රජය, විපක්ෂය මෙන්ම ප්රමුඛ ව්යාපාරික සංගම් ද දැඩි විරෝධයක් පළ කර සිටිනවා.
කම්කරු හිඟයක් ඇතිවීමේ අවදානම Construction, Aged care & Disability care සහ කෘෂිකාර්මික ක්ෂේත්ර සඳහා අවශ්ය සේවකයන් නැතිවීමෙන් රටේ ආර්ථිකය දැවැන්ත කඩාවැටීමකට ලක්විය හැකි බවට Business Council of Australia (BCA) සංගමය අනතුරු අඟවනවා.
මන්ත්රී David Farley ද පෙන්වා දෙන්නේ මෙවැනි දැඩි කප්පාදුවක් මඟින් ප්රාදේශීය ප්රදේශවල වතුපිටිවල වැඩ කිරීමට සහ වැඩිහිටියන් බලාගැනීමට සේවකයන් නොමැති වන බවයි.
ඕස්ට්රේලියාවේ මීළඟ Federal Election එක ආසන්න වීමත් සමඟ ලේබර් රජය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයම ශිෂ්ය සහ තාවකාලික වීසා සීමා කිරීමට පියවර ගනිමින් සිටින බැවින්, වීසා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අය අලුත්ම නිල නීති පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්!
Image credit: theconversation.com