ඕස්ට්‍රේලියාවේ Citizenship Test එක එකපාරෙන්ම Pass වෙන්න ඕනෙද? Exam Hall එකේ ඇත්තම Situation එක!

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය (Australian Citizenship) සඳහා වන Citizenship Test එකට පෙනී සිටීම යනු ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගැනීමේ ඉතාමත් වැදගත් පියවරක්.

ඔබත් ඉදිරියේදී Citizenship Test එකට මුහුණ දීමට සූදානම් වෙනවා නම්, විභාග ශාලාව තුළදී අනුගමනය කළ යුතු විශේෂ නීති රීති සහ පරීක්ෂණයෙන් පසු සිදුවන දේවල් පිළිබඳව නිවැරදිව දැනුවත් වී සිටීම ඉතා වැදගත්. ඉතින් අද අපි කතා කරන්නේ ඒ ගැන.

Citizenship Test එක අතරතුර පිළිපැදිය යුතු නීති

විභාග ශාලාව තුළදී පහත නීති කඩකිරීමෙන් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති නිසා මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න

electronic devices තහනම්: ජංගම දුරකථන, Smart Watches, Smart Glasses, Laptops හෝ Cameras භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්.

කතාබහ කිරීම තහනම්: විභාගය පවත්වන නිලධාරියා (Test Facilitator) හැර වෙනත් කිසිදු අයෙකු සමඟ කතා කිරීම තහනම්.

සටහන් හෝ පොත් භාවිතය තහනම්: පිළිතුරු ලිවීම සඳහා කිසිදු පොතක්, සටහනක් හෝ වෙනත් උපකාරක සටහන් භාවිතා කරන්න බැහැ.

copy කිරීම තහනම්: වෙනත් අයෙකුගේ පිළිතුරු බලා ගැනීම හෝ කොපි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.

කාල සීමාව: Standard Test සඳහා මිනිත්තු 45 ක් සහ Assisted Test සඳහා මිනිත්තු 90 ක් ලැබෙනවා.

 

Test එකෙන් පස්සේ මොකද වෙන්නේ? 

ඔබ පරීක්ෂණය නිම කළ පසු රජය මඟින් ඔබේ Citizenship Application එක ඉදිරියට සමාලෝචනය කරනවා. තවත් තොරතුරු අවශ්‍ය නම් හෝ අවසන් තීරණය ගැන ඔවුන් ලිඛිතව ඔබට දැනුම් දෙනවා.

 

🟢 ඔබ Test එක Pass වුණොත්:

ඔබ පරීක්ෂණය සමත් වී අයදුම්පත අනුමත වූ පසු, ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට නම් Citizenship Ceremony එකට සහභාගී විය යුතුයි.

Ceremony එක පැවැත්වීමට සති 4 කට පමණ පෙර ඔබට නිල ආරාධනා පත්‍රය ලැබෙනවා. ප්‍රදේශය අනුව මෙම කාල සීමාවන් වෙනස් විය හැකියි.

 

🔴 ඔබ Test එක Fail වුණොත්

පරීක්ෂණය අසමත් වීමෙන් ඔබේ පවතින Visa එකට කිසිදු බලපෑමක් සිද්ද වෙන්නේ නැහැ.

ඔබට කිසිදු අමතර ගාස්තුවකින් තොරව නැවත පෙනී සිටීම සඳහා තවත් Appointment එකක් ලැබෙනවා.

එම කාලය තුළ හොඳින් පරීක්ෂණයට සූදානම් වෙන්න පුළුවන්.

අවස්ථා 3 ක් දක්වා පෙනී සිටත් පරීක්ෂණය සමත් වීමට නොහැකි වුණොත්, ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබෙනවා.

Citizenship Test එක සඳහා සූදානම් වීමේදී රජයේ නිල Practice Tests සහ Resource Book එක හොඳින් අධ්‍යයනය කිරීමෙන් පළමු වතාවෙන්ම විශිෂ්ට ලෙස සමත් වෙන්න උදව්වක් වේවි!

Don't forget to share this post!

Recent Posts