WA පරදා ඉදිරියට ආ ඕස්ට්‍රේලියාවේ අංක 1 ආර්ථිකය හිමි State එක මොකක්ද?

දිගු කාලයක් පුරා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ ශක්තිමත්ම ආර්ථිකයට හිමිකම් කී Western Australia (WA) ප්‍රාන්තය අභිබවා යමින්, ඕස්ට්‍රේලියාවේ අංක 1 ආර්ථිකය හිමි ප්‍රාන්තය බවට Queensland පත්ව තිබෙනවා. CommBank හි අලුත්ම State of the States (ජූනි 2026) වාර්තාවට අනුව, ප්‍රාන්තවල ආර්ථික වර්ධනය, සිල්ලර වෙළඳාම, රැකියා නියුක්තිය ඇතුළු ප්‍රධාන දර්ශක 8 ක් පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබෙනවා.

 

ප්‍රාන්තවල ආර්ථික ශ්‍රේණිගත කිරීම් (CommBank Report)

  1. Queensland (QLD) – නිවාස සහ ව්‍යාපාරික ආයෝජනවල දැවැන්ත වර්ධනයක් සමඟ පළමු ස්ථානයට.
  2. South Australia (SA) – Public demand එක සහ වැටුප් වර්ධනයෙන් අංක 1 වී දෙවන ස්ථානයට.
  3. Western Australia (WA) – තෙවන ස්ථානයට බැස්සද තවමත් වඩාත්ම සමබර ආර්ථිකයක් පවත්වා ගන්නවා..
  4. New South Wales (NSW) – Data centres ආයෝජන සමඟ සක්‍රීයව පවතිමින් 4 වන ස්ථානයේ.
  5. ACT – පස්වන ස්ථානය.
  6. Victoria (VIC) – හයවන ස්ථානය.
  7. Northern Territory (NT) – හත්වන ස්ථානය.
  8. Tasmania (TAS) – අටවන ස්ථානය.

 

Queensland සහ SA ඉදිරියට ආවේ ඇයි?CommBank හි ආර්ථික විද්‍යාඥ Harry Ottley පෙන්වා දෙන්නේ Queensland හි මෙම සාර්ථකත්වයට එකම ක්ෂේත්‍රයක් පමණක් නොව සමස්ත ආර්ථිකයේම ස්ථාවර භාවය බලපෑ බවයි.

Queensland හි නිවාස ආයෝජන වසර තුළ 16.8% කින් වර්ධනය වී ඇති අතර (ඕස්ට්‍රේලියාවේ ඉහළම), ව්‍යාපාරික ආයෝජන 9% කින් ඉහළ ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ දෙවනියට අඩුම Unemployment rate එක සහ දෙවන ඉහළම වැටුප් වර්ධනය වාර්තා වන්නේද Queensland වලින්.

SA ප්‍රාන්තයේ රාජ්‍ය ඉල්ලුම 5.6% කින් සහ වැටුප් වර්ධනය 3.6% කින් (ඕස්ට්‍රේලියාවේ ඉහළම අගය) ඉහළ යමින් දෙවන ස්ථානයට පැමිණීමට සමත් වුණා. 

 

Credit Rating පහත හෙළීම සහ ආර්ථිකයේ අනාගතය

මෙසේ පළමු ස්ථානයට පැමිණියද, S&P Global සමාගම විසින් Queensland හි Credit Rating එක AA+ සිට AA දක්වා පහත හෙළා තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ අයවැය අවදානම් ඊට හේතු වූ බව පැවසෙනවා. කෙසේ වෙතත්, 2026 මුල්‍ය වර්ෂයේදී ඒකපුද්ගල නිෂ්පාදනය (GSP per capita) $US 60,000 ($A 84,129) ඉක්මවමින්, 4.2% ක අඩු රැකියා විරහිත භාවයක් පවත්වා ගනිමින් Queensland ආර්ථිකය තවදුරටත් ශක්තිමත්ව පවතින බව S&P ආයතනය තහවුරු කරනවා.

Don't forget to share this post!

Recent Posts