ලොව පුරා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩාත්ම අවධානයට ලක්වන QS World University Rankings 2027 පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.
ලොව පුරා විශ්වවිද්‍යාල 1,500 කට වැඩි ප්‍රමාණයක් අතුරින් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 9 ක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 100 (Top 100) අතරට තේරී පත්වීමට සමත්ව තිබෙනවා. මෙවර වර්ගීකරණයේ විශේෂම සිදුවීම වන්නේ, ඉතිහාසයේ පළමු වතාවට මෙල්බර්න් විශ්වවිද්‍යාලය පරදා University of New South Wales (UNSW Sydney) ඕස්ට්‍රේලියාවේ අංක 1 විශ්වවිද්‍යාලය බවට පත්වීමයි. UNSW මෙම ශ්‍රේණිගත කිරීම්වල 19 වන ස්ථානය දිනාගත්තා.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල
- University of New South Wales
- University of Melbourne
- University of Sydney
- Australian National University
- Monash University
- University of Queensland
- University of Western Australia
- Adelaide University
- University of Technology Sydney
UNSW ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණයට හේතුව මොකක්ද?
2017 වසරේදී ලෝක මට්ටමින් 49 වන ස්ථානයේ පසුවූ UNSW විශ්වවිද්‍යාලය මෙලෙස වසර කිහිපයක් තුළ අංක 19 දක්වා ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබෙනවා.
- Graduate Employability: UNSW වෙතින් අධ්‍යාපනය ලබන උපාධිධාරීන් සඳහා ලොව පුරා ප්‍රමුඛ පෙළේ සමාගම් සහ ආයතනවල ඇති ඉහළ ඉල්ලුම සහ විශ්වාසය.
- Sustainability & Social Impact: තිරසාර පැවැත්ම, පරිසර සුරක්ෂිතතාව සහ සමාජීය බලපෑම සම්බන්ධයෙන් ලබාගත් ඉහළම ලකුණු මට්ටම.
- ලෝක මට්ටමේ පර්යේෂණ: ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සබඳතා සහ ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලය ලෙස අඛණ්ඩව 15 වන වසරටත් ඇමෙරිකාවේ Massachusetts Institute of Technology (MIT) තේරී පත්වී ඇති අතර, දෙවන ස්ථානය Imperial College London සහ Stanford University අතර බෙදී ගොස් තිබෙනවා.
ඔබ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබාගැනීමට හෝ Student Visa සඳහා අයදුම් කිරීමට සූදානම් වන්නේ නම්, විශ්වවිද්‍යාල තේරීමේදී මෙම අලුත්ම QS World Rankings දත්ත සහ අදාළ පාඨමාලාවල ප්‍රායෝගික පුහුණුව පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න!
Image credit: www.uia.no
