ඕස්ට්‍රේලියාවේ Spring එක වෙනස් කළ හදිසි Warning එක! Temperature එක 8°C කින් පහළට

සැප්තැම්බර් Spring එක ආරම්භ වී තිබුණද, ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශ හරහා හමා යන ප්‍රබල ශීත සුළං ධාරාවක් හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයකම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 8 ක් දක්වා පහළ යනු ඇති බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.  

පසුගිය දිනවල පැවැති උණුසුම් කාලගුණයෙන් පසුව පැමිණෙන මෙම හදිසි ශීතල, වසන්ත කාලය තුළදී වුවද දැඩි ශීත කාලගුණයක් ඇතිවිය හැකි බව මතක් කරදෙන බව Weatherzone වාර්තා කරනවා.

 

පැයට කිලෝමීටර් 100 ට වැඩි ප්‍රබල සුළං!

සඳුදා උදෑසන කාලයේදී පැයට කිලෝමීටර් 104 ක වේගයෙන් යුත් ප්‍රබල සුළං රළ සටහන් වී තිබෙනවා.  

Maatsuyker Island (Tasmania) වල එදිනම පැයට කිලෝමීටර් 109 ක වේගවත් සුළං පහරවල් වාර්තා වීතිබෙනවා.

 

ප්‍රධාන නගරවල උෂ්ණත්වයේ දැවැන්ත පහළ යාම

Melbourne: සඳුදා පැවැති 19°C ක අගයේ සිට අඟහරුවාදා 14°C දක්වාත්, බදාදා වන විට 13°C දක්වාත් පහත බසිනු ඇත. (සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය අගය 17°C ක්).  

Hobart: සඳුදා පැවැති 21°C සිට අඟහරුවාදා වන විට 13°C දක්වා දැවැන්ත ලෙස පහත වැටෙනවා. 

Canberra: සඳුදා 21°C පැවැති උෂ්ණත්වය බදාදා වන විට 13°C දක්වා අඩුවෙනවා.

Sydney: සඳුදා පැවැති 26°C ක උණුසුම් අගයේ සිට බදාදා වන විට 18°C දක්වා පහත වැටෙනු ඇත.  

 

වැසි, හිම පතනය සහ මාර්ග අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා කාර්යාංශයේ (BOM) Sarah Scully සඳහන් කරන්නේ මෙම ශීත සුළං ධාරාව සමඟ තද වැසි සහ කුඩා කැට සහිත හිමපතනයන් ඇතිවිය හැකි බවයි.  Tasmania: බටහිර සහ දකුණු ප්‍රදේශ සඳහා Road weather සහ bushwalkers alert නිකුත් කර තිබෙනවා.. මීටර් 300 තරම් පහළ මට්ටම්වලට පවා හිම පතනය විය හැකියි.

Queensland & Western Australia: Brisbane සහ Perth නගර අඟහරුවාදා 27°C ක අගයක් ගන්නා බව පුරෝකථනය කර තිබුණා. 

Darwin හි උෂ්ණත්වය 35°C දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා..  

ඔබ Melbourne, Sydney, Hobart, Canberra වැනි ප්‍රදේශයක ජීවත්වන්නේ නම්, ඉදිරි දින කිහිපයේදී පවතින දැඩි ශීතල කාලගුණයට සූදානම් වන්න!

Don't forget to share this post!

Recent Posts