අවුරුදු 30,000 ක් පැරණි ගිනි කන්දක් ඇතුළේ සවාරියක්! Melbourne සිට පැය 4යි!

ගිනි කන්දක් ඇතුළේ වනසතුන් නිදහසේ සැරිසරන පරිසර පද්ධතියක් ගැන ඔයා අහලා තියෙනවද? ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි Tower Hill Wildlife Reserve ඒ වගේ අපූරු සහ විස්මයජනක සොබාදහමේ නිර්මාණයක්.

අවුරුදු 30,000 කට පෙර සක්‍රීයව පැවැති විශාල ගිනි කන්දක් (Extinct volcano) ආශ්‍රිතව නිර්මාණය වී ඇති මෙම අභයභූමිය, 1892 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කළා.

සොබාදහමේ සහ වනසතුන්ගේ නාද රටාව

මෙම අභයභූමිය තුළ ඇති 300,000 කට අධික ගස් වැල් ප්‍රමාණය නිසා ඕස්ට්‍රේලියාවටම ආවේණික වනසතුන් රැසකට ආරක්ෂිත ස්වාභාවික නිවහනක් හිමි වෙලා තියෙනවා.

 

Koalas, Kangaroos, Emus ඇතුළු සතුන් සිය ගණනක් මෙහි නිදහසේ සැරිසරනවා. විශේෂයෙන්ම රථගාල ආශ්‍රිතව කෝලා සහ කැන්ගරුවන් වැඩිපුර දැකගන්න පුළුවන්.

ජලජ පක්ෂීන් නිරීක්ෂණය සඳහා විශේෂයෙන් සකස් කළ Boardwalks සහ Birdhide පහසුකම් තිබෙනවා.. Chestnut teal, Musk ducks, සහ Spoonbills වැනි දුර්ලභ පක්ෂීනුත් මෙහිදී දැකගන්න පුළුවන්.

Spring එකේදී මුළු අභයභූමිය පුරාම ස්වාභාවික වනමල් පිපී ඉතාම සුන්දර දසුනක් නිර්මාණය කරනවා..

 

දේශීය සංස්කෘතික උරුමය සහ පහසුකම්

වනජීවී අත්දැකීමට අමතරව, ඕස්ට්‍රේලියානු Aboriginal ජනතාවගේ ඉතිහාසය සහ සංස්කෘතික උරුමයන් පිළිබඳව දැනගැනීමටද මෙහිදී අවස්ථාව හිමි වෙනවා.

පරිසරයේ අලංකාරය විඳගනිමින් යාමට සුදුසු Walking tracks රැසක් තිබෙනවා.. ඒ වගේම පවුලේ අය සමඟ කාලය ගතකිරීම සඳහා Picnic පහසුකම් සහ Lookouts සකස් කර තිබෙනවා..

හරියටම location එක කියනවනම්, Princes Highway, Tower Hill, Victoria, 3283. Melbourne සිට 280km වගේ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. Melbourne සිට පැය 3 හමාරක් 4ක් වගේ වෙලාවකින් මෙතනට ළඟා වෙන්න පුළුවන්.

ඉතින් ඔයත් Great Ocean Road එක ඔස්සේ ගමන් කරනවා නම්, Warrnambool සහ Port Fairy අතර පිහිටි මෙම සොබාදහමේ අසිරිය නොවැරදීම නරඹන්නත් අමතක කරන්න එපා!

 

Image credit: www.greatoceanroadaustralia.org 

Don't forget to share this post!

Recent Posts