ඕස්ට්‍රේලියාවේ PR එක ගන්න ප්‍රධාන Pathways 7ක්!

ඕස්ට්‍රේලියාවට එන්නේ කොහොමද කියන එක සහ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගන්නකන් දිගටම නීත්‍යානුකූලව රැඳිලා ඉන්නේ කොහොමද කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න අය සහ ඔස්ට්‍රේලියාවට අලුතෙන් ආපු අයට වැදගත් වෙන දෙයක් ගැන තමයි අද අපි කතා කරන්නේ.. ඒ තමයි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න තියෙන Pathways මොනවද කියන එක.. අද පි ප්‍රධාන Pathways 7ක් ගැන මූලික දේවල් කියනවා. 

ඕස්ට්‍රේලියාවේ Migration system එක සැකසිලා තියෙන්නේ විවිධ පුද්ගලයින්ගේ කුසලතා, අධ්‍යාපනය, පවුල් සබඳතා සහ ආයෝජන පදනම් කරගෙනයි. එම නිසා සෑම අයෙකුටම ගැළපෙන එකම ක්‍රමයක් නොමැති අතර, ඔබේ වයස, රැකියාව, ඉංග්‍රීසි දැනුම සහ අනාගත ඉලක්ක අනුව වඩාත්ම සාර්ථක මාර්ගය තෝරාගත යුතුයි.

  1. කුසලතා පදනම් කරගත් සංක්‍රමණය හෙවත් Skilled Migration

වෘත්තිකයන් සඳහා ඇති සෘජුම මාර්ගය තමයි මේක. මෙහිදී ඔබේ වයස, ඉංග්‍රීසි දැනුම, අධ්‍යාපන සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත ලකුණු පදනම් කරගෙන visa හිමි වෙනවා.

Skilled Independent Visas: ස්වාධීනව අයදුම් කළ හැකි අතර ඉහළම ලකුණු මට්ටමක් අවශ්‍යයි.

State / Territory Nomination: යම් ප්‍රාන්තයකින් Nomination ලබාගැනීමෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් සහ අවස්ථාවක් හිමි වෙනවා.

Regional Skilled Visas: Sydney, Melbourne, Brisbane ආදී වශයෙන් ඇති ප්‍රධාන නගරවලට අමතරව ප්‍රාදේශීය ප්‍රදේශ හෙවත් Regional areas තෝරාගන්නා අයට පහසුවෙන් PR (Permanent Residency) එක ලබාගන්න තිබෙන හොඳම මාර්ගයක් තමයි මේක.

 

  1. සේව්‍ය අනුග්‍රහය හිමි visa හෙවත් Employer-Sponsored Migration

ඕස්ට්‍රේලියාවේ ආයතනයකට හෝ ආයතන හිමිකරුවෙකුට ඔස්ට්‍රේලියාව තුළින් සේවකයින් සොයාගැනීමට නොහැකි වූ විට, විදේශීය සේවකයින් සඳහා Sponsorship දක්වන්න පුළුවන්. 

ලැබෙන ලකුණු මට්ටම අඩු වුණත් හොඳ සේවා පළපුරුද්දක් සහ ඉල්ලුමක් තිබෙන ක්ෂේත්‍රයක වැඩ කරන අයට මේක ඉතා සුදුසුයි.

තාවකාලික සේවා වීසා (Temporary Sponsored Visa) එකකින් ආරම්භ කර පසුව ස්ථිර පදිංචිය (PR) දක්වා යාමේ හැකියාව තිබෙනවා.. මේ විදිහට ඉල්ලුමක් තිබෙන විවිධ ක්ෂේත්‍ර ගැන අපි සන්නස Digital හරහා කලින් කතා කරලා තියෙනවා.

 

  1. අධ්‍යාපනය ලබාගැනීම සංක්‍රමණය වීම (Student Visa to PR Pathway)

තරුණ අයදුම්කරුවන්ට හෝ තම වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය අයට මෙය හොඳ මාර්ගයක්.

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු Post-Study Work Rights හිමිවෙනවා.

එම කාලය තුළ දේශීය පළපුරුද්ද ලබාගෙන Skilled Migration හෝ Employer Sponsorship ඔස්සේ ස්ථිර පදිංචියට අයදුම් කරන්න පුළුවන්.

 

  1. පවුල් සහ සහකරු/සහකාරිය හරහා ලැබෙන visa හෙවත් Partner & Family Visas

Partner Visas: ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචිකරුවෙකු හෝ සුදුසුකම් ලත් නවසීලන්ත පුරවැසියෙකුගේ සහකරු/සහකාරිය (Spouse/De facto) නම්, ඒ අයට අයදුම් කරන්න පුළුවන්. මෙහිදී සබඳතාවයේ සත්‍යතාව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

Parent & Family Visas: දෙමාපියන් සහ අනෙකුත් පවුලේ සාමාජිකයන් කැඳවීම සඳහාද වීසා කාණ්ඩ තිබෙනවා. මෙහිදී පිරිවැය සහ කාලය වැඩි විය හැකියි.

 

  1. ව්‍යාපාරික සහ ආයෝජන වීසා හෙවත් Business & Investment Migration

ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් සහ ආයෝජකයින් සඳහා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට දායක වෙමින් ස්ථිර පදිංචිය ලබාගැනීමට ඇති මාර්ගයක්.

මෙහිදී අයදුම්කරුගේ ව්‍යාපාරික පසුබිම, ආයෝජන ධාරිතාව, වත්කම්වල නීත්‍යානුකූල භාවය සහ කළමනාකරණ පළපුරුද්ද දැඩි ලෙස පරික්ෂා කරනවා. 

 

මේ අපි අරගෙන ආවේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න පුළුවන් ආකාර, එහෙමත් නැත්නම් visa වර්ග 7ක් ගැන සරල හැඳින්වීමක් විතරයි. ඔයාට තිබෙන සුදුසුකම් අනුව වඩාත් ගැලපෙන ක්‍රමය ගැන දැනගන්න නම් Registered Migration Agent කෙනෙක්ගේ උපදෙස් ලබාගැනීම වඩාත් හොඳයි. Registered Migration Agent කෙනෙක් තොරාගන්නකොට ඔවුන් Migration Agents Registration Authority (OMARA) එකේ register වෙලාද ඉන්නේ කියන එක හොඳට බලන්න.

ඒ වගේම මේ ගැන විස්තර කොළඹ Australian High Commission හරහාත් ලබාගන්න පුළුවන්.

ඕස්ට්‍රේලියානු වීසා ලබාගැනීමේදී Shortcuts සෙවීමට වඩා, ඔබේ දැනට පවතින සුදුසුකම් සත්‍ය ලෙස තක්සේරු කර නිවැරදි නීතිමය උපදෙස් ඔස්සේ සැලසුම් සහගතව කටයුතු කිරීම සාර්ථකත්වයට ඇති එකම මාර්ගයයි.

 

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට වැදගත් වෙන අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා, ඕස්ට්‍රේලියාවේ කුලියට හෝ තමන්ගේම නිවසක් මිලදී ගැනීමේදී වැදගත් වෙන ප්‍රායෝගික සහ නීතිමය කරුණු, ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී වැදගත් වෙන මාර්ග නීති ඇතුළු වෙනත් මූලික නීතිමය කරුණු, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත හැකි සේවාවන්, ඕස්ට්‍රේලියාවේ සිට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය පූර්ණ මගපෙන්වීම, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ සිට PR එක ලබාගැනීම, Citizenship එක ලබාගැනීම සඳහා අවශ්‍ය කරුණු, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සංවිධානය කරන විශේෂ වැඩසටහන් ඇතුළු විශේෂ අවස්ථා ඇතුළු ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට වැදගත් වෙන සියලුම දේශපාලන, ආර්ථික, සමාජ කරුණු හැමදෙයක්ම ඔයාට සන්නස Digital හරහා කියවන්න, බලන්න පුළුවන්. 

Social Media, Digital Screens, Magazine යන සියල්ලෙන්ම සමන්විත ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් සඳහාම වෙන් වුණු එකම network එක විදිහට ඔබට අවශ්‍ය තොරතුරු ගෙන ඒමට අපි සූදානම්. ඉතින් ඔයත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් හෝ ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්නම්, සන්නස Digital follow කරලා තියාගන්න 👇

🔵 Facebook: https://www.facebook.com/sannasa.digital 

🟣 Instagram: https://www.instagram.com/sannasa_digital/ 

⚫ TikTok: https://www.tiktok.com/@sannasadigital 

🔴 YouTube: www.youtube.com/@sannasa8607 

🌐 Website: https://sannasa.com.au

 

Don't forget to share this post!

Recent Posts