දැන් Warrant නැතුව Search කරන්න පුළුවන්! වික්ටෝරියාවට අලුතින් එන “Jack’s Law”

වික්ටෝරියා ප්‍රාන්තයේ කැපෙන සුළු ආයුධ සහ පිහි ආශ්‍රිත අපරාධ (Knife crime) වැළැක්වීම සඳහා පොලිසියට නව සහ ප්‍රබල සෝදිසි කිරීමේ බලතල ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. Premier Ben Carroll විසින් නිවේදනය කළ මෙම නව නීතිය මඟින්, කිසිදු Reasonable suspicion එකකින් තොරව මහජනතාව අතර සිටින ඕනෑම අයෙකු Handheld metal detectors යොදාගනිමින් පරික්ෂා කිරීමට පොලිසියට බලය හිමිවෙනවා.

මෙම නීතිය “Jack’s Law” ලෙස හඳුන්වන අතර, ලබන වසරේ මුල සිට වික්ටෝරියා ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මොකක්ද මේ “Jack’s Law” කියන්නේ?

2019 වසරේදී Queensland හි Surfers Paradise හිදී පිහි ඇනුමකින් ඝාතනය වූ 17 හැවිරිදි Jack Beasley නැමැති තරුණයා වෙනුවෙන් ඔහුගේ දෙමාපියන් ගෙනගිය ප්‍රබල මතවාදී සටහනක ප්‍රතිඵලයක් ලෙසයි 2021 දී Queensland ප්‍රාන්තය මුලින්ම මෙම නීතිය හඳුන්වා දුන්නේ. දැනටමත් New South Wales, Tasmania, Western Australia සහ Northern Territory යන ප්‍රාන්ත විසින් මෙම නීතිය බලගන්වා තියෙනවා.

 

නව නීතියෙන් සිදුවන ප්‍රධාන වෙනස්කම්

දැනට පවතින නීතියට අනුව පුද්ගලයෙකු පරික්ෂා කිරීමට නම් Warrant එකක් හෝ සාධාරණ සැකයක් තියෙන්න ඕන. නමුත් නව නීතිය යටතේ Metal detector (Wand) මඟින් පරික්ෂා කිරීමට එවැනි සැකයක් අවශ්‍ය වෙන්නේ නැහැ.

ශරීරය අතගා පරික්ෂා කිරීමට (Pat-down) හෝ ඇඳුම් ඉවත් කර පරික්ෂා කිරීමට (Strip search) පැරණි නීතිය එලෙසම අදාළ වෙනවා. එනම් ඒ සඳහා සාධාරණ සැකයක් තිබිය යුතුයි.

මීට පෙර මුළු Melbourne CBD එකම මාස 6 කට සෝදිසි ප්‍රදේශයක් ලෙස නම් කිරීමට ගිය උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අහෝසි කළ අතර, මෙම නව නීතිය මඟින් පොලිසියට සෘජුවම සෝදිසි කිරීමේ බලය හිමිවෙනවා.

 

සංඛ්‍යාලේඛන සහ මතු වී ඇති විවේචන

Queensland හි මෙම නීතිය ස්ථිර කළ පසු ගතවූ මාස 14 තුළ පොලිසිය විසින් ලක්ෂ 2 කට ආසන්න (200,000) සෝදිසි කිරීම් සිදුකර ඇති අතර, එහිදී ආයුධ 1,400 ක් සොයාගෙන පුද්ගලයින් 3,000 කට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා තිබෙනවා.

මෙම නීතිය මඟින් සුළුතර ජනකොටස් ඉලක්ක කර ගනිමින් අසාධාරණ ලෙස සෝදිසි කිරීම් සිදුවිය හැකි බවට විවේචකයින් චෝදනා කරනවා. තවද, සිදුකරන සෝදිසි කිරීම්වලින් ප්‍රතිඵල ලැබෙන්නේ 1% ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකට බවත් ඔවුන් පෙන්වා දෙනවා.

 

ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ස්ථානවල ගමන් බිමන් යන අයෙක් නම්, ඉදිරියේදී පොලිසිය මඟින් සිදුකරන මෙවැනි හදිසි Metal detector පරීක්ෂාවන් සඳහා සහයෝගය ලබාදීමට සූදානම් වන්න!

 

Image credit: mypolice.qld.gov.au

 

Don't forget to share this post!

Recent Posts