ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න Borrowing Capacity එක වැඩි කරගන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේ First Home එක මිලදී ගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ගොඩක් දෙනෙක් හිතන්නේ Deposit එක එකතු කරලා ඉවර වුණාට පස්සේ තමයි අනිත් වැඩ ගැන හිතන්න ඕන කියලා. ඒත් ඇත්තටම Deposit එක එකතු කරන ගමන්ම කළ යුතු, ඔයාට ගෙදරක අයිතිකාරයෙක් වෙන්න පාර හදලා දෙන වැදගත් පියවර කීපයක්ම තියෙනවා.

අද අපි කතා කරන්නේ ගෙදරක ඔප්පුවට අත්සන් කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන සහ සූදානම් වෙන්න ඕන දේවල් ගැනයි..

  1. කලින්ම තොරතුරු හොයන්න සහ වැරදිවලින් බේරෙන්න

First home buyer කෙනෙක් විදිහට ඔයාට තියෙන ලොකුම වාසිය තමයි “මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා” කියලා හිතලා අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන උනන්දුව. මොකද අවුරුදු ගාණකට කලින් ගෙවල් ගත්ත අයට වඩා දැන් නීති රීති සහ බැංකු පද්ධතිය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ.

Borrowing Capacity එක බලාගන්න: Deposit එක සම්පූර්ණයෙන්ම එකතු වෙනකන් ඉන්නේ නැතුව, මුලින්ම Mortgage Broker කෙනෙක් හම්බවෙලා ඔයාගේ ආදායමට ලැබෙන ණය ප්‍රමාණය හෙවත් Borrowing Capacity එක ගැන අදහසක් ගන්න පුළුවන්.

කලින්ම උපදෙස් ගන්න: ගෙයක් ගන්න අවුරුදු 1-2 කට විතර කලින් ඉඳන්ම මේ ගැන Research කරන්න. ඒකෙන් අනාගතයේදී වෙන්න පුළුවන් ලොකු වැරදි වළක්වා ගන්න පුළුවන්.

අන්තිම මොහොතේ කරන්න හොඳ නැති දේවල්: ගෙයක් ගන්න ලං වෙලා එකපාරටම Car loans ගන්න එක, Credit cards ගන්න එක හෝ Job එකෙන් අයින් වෙන එක වගේ දේවල් කරන්න හොඳ නැහැ.

රජයේ සහන (Incentives): First Home Super Saver Scheme වගේ රජයේ සහන ගැන කලින්ම දැනුවත් වුණොත්, ඔයාගේ Superannuation හරහා බදු මුදල් ඉතිරි කරගෙන Deposit එකට මුදල් එකතු කරගන්න පුළුවන්. මේකට අවුරුදු 3 ක විතර plan එකක් තියෙන්න අවශ්‍යයි.

 

  1. දෙන්නාගේම Priorities එකඟ කරගන්න

ඔයා ගෙයක් ගන්නේ Partner එක්ක නම්, දෙන්නටම තියෙන Must-haves සහ Nice-to-haves මොනවාද කියලා කලින්ම කතා කරගන්න එක ඉතාම වැදගත්.

එක්කෙනෙක්ට ඕන නගරයෙන් පිට කාමර 3ක ගෙයක් වෙද්දී, අනිත් කෙනාට ඕනේ city එක මැද Studio Apartment එකක් නම් දෙන්නා කලින්ම ඒ ගැන එකඟතාවයකට එන්න අවශ්‍යයි.

Financial Backup Plan එකක්: දෙන්නගෙන් එක්කෙනෙක්ට අසනීප වුණොත්, job එක නැති වුණොත් හෝ ළමයෙක් ලැබෙන්න ඉන්නවා නම් Mortgage එක ගෙවන්නේ කොහොමද කියලා කලින්ම කතා කරගන්න. මේ සඳහා Income Protection Insurance එකක් ගැන හිතන එකත් හොඳ plan එකක්.

 

  1. තමන්ගේ මුදල් පාලනය (Finances) ගැන හරියටම දැනගන්න

බැංකුවකින් ඔයාට දෙන්න පුළුවන් කියන ණය මුදලයි, ඒ ණය ගෙවන ගමන් ඔයාට දැනට තියෙන Lifestyle එක පවත්වාගෙන යන්න පුළුවන් මුදලයි අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්.

Real Expenses තේරුම් ගන්න: කෑම බීම, නිවාඩු ගමන් විතරක් නෙවෙයි, අවුරුද්දකට සැරයක් එන Insurance, Council rates සහ ගෙදර අලුත්වැඩියා කටයුතුවලට යන වියදම් ගැනත් හරියටම ගණන් හදාගන්න.

Stress Testing කරන්න: හදිසියේවත් Interest rates යම්කිසි අගයක් දක්වා වැඩි වුණොත් ඔයාගේ Budget එකට මොකද වෙන්නේ කියලා Spreadsheet එකකින් හදලා බලන්න. ඒ තත්ත්වයට මුහුණ දෙන්න අමාරුයි නම් එච්චර ලොකු ණයකට යන එක සුදුසු නැහැ.

ණය සහ Spending Habits: Buy Now Pay Later (Afterpay වගේ) ගිණුම්, Credit Card limits සහ පරණ ණය ගැන Partner එක්ක වගේම Broker එක්කත් පැහැදිලිව කතා කරන්න අවශ්‍යයි. මොකද මේ හැමදේම ඔයාගේ Loan එක ගන්න බලපානවා.

 

මේ අපි කතා කළේ ඔස්ට්‍රේලියාවේ පළමු ගෙදර ගන්න හීන දකින ඔයා, Deposit එක එකතු කරන අතරතුරේදී අනිවාර්යයෙන්ම කරන්න ඕන මූලික පියවර කීපයක් ගැන විතරයි. නිවැරදි සැලසුම සහ කලින් වෙන සූදානම තමයි සාර්ථකව ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරන්නේ.

ඉතින් ඔයත් ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න plan කරනවා නම් අවුරුද්දකට විතර කලින් ඉඳන්ම ඔයාගේ Credit card limits ගැන, Afterpay වගේ සේවාවන් පාවිච්චි කරන එක ඔයාට බලපාන්නේ කොහොමද කියන එක නැවත හිතලා බලන්න. ඒකෙන් ඔයාගේ Borrowing Capacity එක සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්! 

ඒ වගේම ඔයාට දැනගන්න අවශ්‍ය දේවල් ගැන mortgage broker කෙනෙක් එක්ක අදම කතා කරන්න. ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්න ඉන්න ඔයාට තියෙන ප්‍රශ comment කරගෙන යන්න.. අපි ඒ දේවල් ගැන ඉදිරි articles වලින් කතා කරමු.

 

Don't forget to share this post!

Recent Posts