ඕස්ට්‍රේලියාවේ අලුත්ම Dependent Visa තහනම ඔබටත් බලපානවද? අදාළ නොවෙන Degree මෙන්න

ඕස්ට්‍රේලියානු Home Affairs Minister, Tony Burke විසින් National Press Club හිදී කළ විශේෂ ප්‍රකාශයකට අනුව, ජාත්‍යන්තර සිසුන්ට තම පවුලේ සාමාජිකයින් (Dependents) ඕස්ට්‍රේලියාවට කැඳවාගෙන ඒමේ අවස්ථාව සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ප්‍රධාන ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ලෙස නොකපා, Temporary migrationsලා පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.  

දැනට ඕස්ට්‍රේලියාවේ පවුලේ අය සමඟ සිටින සිසුන්ට මෙම නීතිය අදාළ නොවන අතර, ඉදිරියේදී පැමිණෙන නව ශිෂ්‍යයින්ට පමණක් මෙය බලපානවා.

 

සංඛ්‍යාලේඛන මඟින් මතු වන ඇත්ත

පසුගිය වසරේ නිකුත් කළ මුළු Student Visas: 337,427

එයින් Dependents (Secondary Applicants) ලාට ලැබුණු වීසා: 45,991

ප්‍රතිශතය: සෑම වීසා 7 කින් 1 ක්ම Dependent වීසා එකක් 

 

ඉදිරියේදී එන බොහෝ සිසුන්ට ඕස්ට්‍රේලියාවට පැමිණීමට සිදුවන්නේ තනිවමයි.

Exemptions

PhD Candidates: ආචාර්ය උපාධිය හදාරන සිසුන්ට තම පවුලේ අය කැඳවාගෙන ඒමට දිගටම අවස්ථාව හිමිවෙනවා.

Pacific සහ ASEAN රටවල සිසුන්: අග්නිදිග ආසියානු සහ පැසිෆික් කලාපීය රටවල සිසුන්ට මෙම රීතිය අදාළ වෙන්නේ නැහැ.

 

ශ්‍රී ලංකාව?

ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව ASEAN/Pacific කලාපයට අයිති නොවන බැවින්, PhD සිසුන් හැර අන් සියලුම සිසුන්ට (Undergraduate, Masters, Vocational) මෙම තහනම බලපානවා. චීනය සහ නේපාලය වැනි රටවලටත් මෙය එලෙසම බලපානවා.

 

“Visa Hopping” සහ පාඨමාලා මාරු කිරීමට තද නීති

Upward Mobility: සිසුවෙකුට තම අධ්‍යාපන මට්ටම ඉහළට (උදා: Bachelor’s සිට Master’s දක්වා) ගෙන යාමට බාධාවක් නැහැ.

Downward Mobility: Higher Education පාඨමාලාවක ඉගෙන ගෙන, පසුව වීසා කාලය දික් කරගැනීම සඳහා අඩු මට්ටමේ (Vocational/VET) හෝ අඩු මුදලක් අයකරන ආයතනවල පාඨමාලා වෙත මාරු වීම (Downward transfer) දැඩි ලෙස පාලනය කරනවා. 

 

මේ තීරණයට හේතුව මොකක්ද?

ජාත්‍යන්තර අධ්‍යාපනය ඕස්ට්‍රේලියානු ආර්ථිකයට විශාල ශක්තියක් වන බැවින්, සිසුන් එන එක එකපාරටම නතර කිරීම රජයේ අරමුණ නෙවෙයි. ශිෂ්‍ය සංඛ්‍යාව පවත්වා ගනිමින්, ඒ සමඟ එන අමතර පිරිස පාලනය කිරීම මඟින් නිවාස අර්බුදය සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු විසඳීමට රජය උත්සාහ කරනවා.

 

ඔයත් ඕස්ට්‍රේලියාවට පවුලේ අය සමඟ පැමිණීමට plan කරනවා නම්, ඔබ තෝරාගන්නා Course එක (Master’s or PhD) සහ නව නීතිරීති ගැන නිසි ලෙස අධ්‍යයනය කරලා හරි තීරණයක් ගන්න!

 

Don't forget to share this post!

Recent Posts