ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල්, ඩීසල් සහ Hybrid වාහන පාවිච්චි කරන අයට ඉදිරියේදී එකවර බදු වර්ග දෙකක් ගෙවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, Australian Electric Vehicle Association (AEVA) එක විසින් රජයට කරන ලද අලුත්ම යෝජනාවක් නිසා.
මෙම යෝජනාවට අනුව, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත Road User Charge (ධාවනය කරන දුර ප්‍රමාණය අනුව අයකරන බද්ද) EV වාහනවලට පමණක් නෙවෙයි, පෙට්‍රල් සහ ඩීසල් වාහනවලටත් අදාළ කළ යුතු අතර, ඊට අමතරව දැනට පවතින Fuel Excise එක ද පරිසර දූෂණය වෙනුවෙන් වෙනම බද්දක් (Pollution Tax) ලෙස දිගටම අයකරගත යුතු බව පැවසෙනවා.
දැනට පවතින තෙල් බද්ද (Fuel Excise) සහ ප්‍රශ්නය
ඕස්ට්‍රේලියාවේ දැනට පෙට්‍රල්/ඩීසල් ලීටරයකට ශත 53.7 ක බද්දක් (Fuel excise) අයකරන අතර, එම මුදල් මාර්ග නඩත්තු කටයුතු සඳහා යොදවනු ලබනවා.
විද්‍යුත් වාහන හිමියන් තෙල් පාවිච්චි නොකරන නිසා ඔවුන්ගෙන් මෙම මාර්ග නඩත්තු බද්ද අයවෙන්නේ නැහැ.
දැනට EV අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එමඟින් රජයට තෙල් බද්දෙන් ලැබෙන ආදායම අඩුවෙමින් පවතිනවා.
මොකක්ද මේ Road User Charge (RUC) කියන්නේ?
තෙල් බද්දෙන් අහිමිවන ආදායම ලබාගැනීමට ඕස්ට්‍රේලියානු රජය විසින් වාහනය පදවන කිලෝමීටර ගණන අනුව (Pay-by-the-mile/km) අලුත් බද්දක් හඳුන්වා දීමට සූදානම් වෙනවා.
2021 වික්ටෝරියානු අත්හදාබැලීම: වික්ටෝරියා ප්‍රාන්තය මීට පෙර EV සඳහා කිලෝමීටරයකට ශත 2.8 ක බද්දක් අය කළත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා 2023 දී එය අහෝසි කිරීමට සිදු වුණා.
NSW අලුත් plan එක: New South Wales ප්‍රාන්තය 2027 ජූලි 1 සිට EV සඳහා කිලෝමීටරයකට ශත 3.095 ක Road User Charge එකක් හඳුන්වා දීමට plan කරලා තියෙනවා.
AEVA සංගමයේ යෝජනාව
AEVA සංගමයේ සාමාජිකයින්ගෙන් 85% කට වඩා වැඩි පිරිසක් පවසන්නේ මෙම Road User Charge එක EV වලට විතරක් දැම්මොත්, මිනිස්සු EV වලට මාරුවීම අඩුවන බවයි. ඔවුන් යෝජනා කරන්නේ, වාහනයේ බර සහ ධාවනය කරන දුර අනුව EV සහ Fuel වාහන දෙකටම එකම Road User Charge එක අදාළ විය යුතු අතර ඊට අමතරව පෙට්‍රල්/ඩීසල් වාහන මඟින් පරිසරය දූෂණය වන නිසා, දැනට පවතින Fuel Excise බද්දත් පරිසර දූෂණ බද්දක් ලෙස දිගටම අය කළ යුතු බවයි.
“වාහන දෙකක බර එක සමාන නම් සහ එක සමාන දුරක් දිව්වා නම්, දෙගොල්ලන්ම එකම Road User Charge එක ගෙවිය යුතුයි. ඒත් එක වාහනයක් පෙට්‍රල් හෝ ඩීසල් පිච්චෙනවා නම්, ඒ පරිසර දූෂණය වෙනුවෙනුත් ඔවුන් අමතරව ගෙවිය යුතුයි.”
– Dr. Chris Jones (AEVA සංගමයේ ප්‍රතිපත්ති කැඳවුම්කරු)
ඉතින් ඔයත් ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ වාහනයක් මිලදී ගැනීමට plan කරනවා නම්, රජය මඟින් හඳුන්වා දීමට නියමිත මෙම නව Road User Charge සහ තෙල් බදු ප්‍රතිපත්ති ගැන සලකා බැලීම ඉතාමත් වැදගත්!