ඕස්ට්‍රේලියාවේදි Medical Services වලට යන වියදම් අඩු කරගන්නේ කොහොමද?

ඔයා ඕස්ට්‍රේලියාවට අලුත් කෙනෙක් නම්, ඔයාට වැදගත් වෙන දෙයක් තමයි අද අපි කියන්නේ. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔයාට සහනදායී සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා Medicare නමැති universal healthcare system එකක් ක්‍රියාත්මක වෙනවා.. ඕස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් (Permanent Residents) සහ Refugeesලාට මේ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්.

 

Medicare හරහා ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ

  • සාමාන්‍ය වෛද්‍යවරුන් (GP) හමුවීම.
  • රුධිර පරීක්ෂණ, pathology tests, scans, x-rays
  • අක්ෂි වෙද්‍යවරුන් (Optometrists) ලවා කෙරෙන වාර්ෂික ඇස් පරීක්ෂා.
  • Pharmaceutical Benefits Scheme (PBS) හරහා වෛද්‍ය නිර්දේශිත ඖෂධ අඩු මිලට ලබාගැනීම.
  • ළමුන් සඳහා වන අනිවාර්ය එන්නත් ලබාදීම.

 

වෛද්‍යවරයෙකු හමුවීමේදී අනුගමනය කළයුතු පියවර

  • ලියාපදිංචි වීම: Services Australia වෙබ් අඩවිය හරහා Medicare සඳහා ලියාපදිංචි වී Medicare Card එක ලබාගන්න.
  • ඔබට අසනීපයක් වූ විට ප්‍රථමයෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානයක (Medical Centre/Clinic) සිටින සාමාන්‍ය වෛද්‍යවරයෙකු (GP) හමුවිය යුතුයි. අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් කෙලින්ම රෝහලක Emergency Department එකට යන්න.
  • අවශ්‍යතාවය අනුව වැඩිදුර පරීක්ෂණ, විශේෂඥ වෛද්‍යවරුන් (Specialists/Mental Health) හෝ රෝහල් වෙත යොමු කරන්නේ GP විසින්.

 

Bulk-Billing යනු කුමක්ද? Out-of-Pocket වියදම නැතිකර ගන්නේ කොහොමද?

වෛද්‍ය මධ්‍යස්ථානයක් මඟින් සේවා ලබාගැනීමේදී ගෙවීම් සිදුවන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා.

  1. Bulk-Billing: යම් වෛද්‍ය සායනයක් “Bulk-Bills” කරන්නේ නම්, වෛද්‍යවරයාගේ ගාස්තුව කෙලින්ම රජයෙන් (Medicare) ලබාගන්නවා. එහිදී රෝගියා කිසිදු මුදලක් (Out-of-pocket costs) ගෙවිය යුතු නැහැ.

 

  1. Private Billing / Mixed Billing: වෛද්‍යවරයා Bulk-bill නොකරන්නේ නම්, ඔබ ප්‍රථමයෙන් සම්පූර්ණ ගාස්තුව ගෙවිය යුතුයි. ඉන්පසුව Medicare හරහා නියමිත සහන මුදල නැවත ඔබේ බැංකු ගිණුමට ලබාගත හැකියි.. මේ සඳහා Claim එක සායනයෙන්ම යොමු කිරීමට ඉල්ලා සිටිය හැකියි.

 

Thresholds සහ අමතර සහන: ඔබගේ වසරේ වෛද්‍ය වියදම් සීමාවක් (Safety Net Threshold) පසුකළ පසු ඖෂධ සහ වෛද්‍ය ගාස්තු තවත් අඩු වෙනවා.. පවුලක් ලෙස ලියාපදිංචි වීමෙන් මෙම සහනය ඉක්මනින් ලබාගන්න පුළුවන්.. Concession Card හිමියන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතර වට්ටම් හිමි වෙනවා.

 

ඉංග්‍රීසි භාෂා අපහසුතා සහ අමතර පහසුකම්

නොමිලේ පරිවර්තක සේවා (Interpreters): ඉංග්‍රීසි කතා කිරීමට අපහසු නම්, රජයේ නොමිලේ ලබාදෙන දුරකථන පරිවර්තක සේවාව (Government-subsidised interpreter service) හරහා ස්පීකර් ෆෝන් මගින් ඔබේ භාෂාවෙන්ම GP සමඟ අදහස් හුවමාරු කරගන්න පුළුවන්.

Telehealth සහ e-Scripts: සායනයට නොගොස් දුරකථන හෝ වීඩියෝ මගින් වෛද්‍යවරයා හමුවීමේ පහසුකම (පසුගිය මාස 12 තුළ එම සායනයට ගොස් ඇත්නම්) සහ SMS/Email මගින් QR කේත සහිත e-scripts ලබාගන්න පුළුවන්.

Private Health Insurance: දන්ත වෛද්‍ය සේවා, ඇම්බියුලන්ස් සේවා සහ පෞද්ගලික රෝහල්වල ඉක්මන් සැත්කම් සඳහා Medicare වලට අමතරව පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් ලබාගන්න පුළුවන්.

 

ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙකු හමුවීමට පෙර එම සායනය “Bulk-billing” කරනවාද නැද්ද යන්න දුරකථනයෙන් හෝ වෙබ් අඩවියෙන් පරීක්ෂා කර යාමෙන් අනවශ්‍ය වියදම් වළක්වා ගන්න පුළුවන්.

 

Don't forget to share this post!

Recent Posts